මේ...අනෙ ශේ..න් මොනාද මේ.... අනේ මේව ඔන නැනේ...මොකද මල්ලි ඕන නැත්තෙ මේව අම්මට ඕන වෙනව....මෙතන අම්මට ඔන කරන සේරම දේවල් තියෙනවා.. සබන් කෑල්ලෙ ඉදන්ම... තව අම්ම ආස දේවල් ඉතින් නොදන්න නිසා අසනීප අයට කන බොන දේවල් ටිකකුත් ඇති ... මේව ඉතින් එපා කිවට වැඩක් නැ අපෙ බොසාට මල පනිනව දන්නවනෙ...
අහ්...අනේ....
මන් හිටියෙ සාලේ සැටිය ගාව... මොනාද මලු මලු හත අටක් ගෙනත් සැටියෙන් දාපු ශේන්ට මන් ඒව කොච්චර එප කිවත් එයා ඇහුවෙ නැ... කොහෙද මේ... අයත්ම... එයා ඇයි මෙහෙම හැසිරෙන්නෙ ඇත්තටම දැන් මේක ඇති ... මට මෙහෙම පිට මිනිස්සුන්ගෙන් මුකුත්ම ගන්න ඔන නැ... මුකුත් ම.... මොන ලැජ්ජාවක්ද මේක....මන් හිගන්නෙක් නෙවෙ...මට පුලුවන් මගෙ අම්මව බලාගන්න...
ඇත්තටම මට කවදාවත් නැතිව අද තරහවක් දැනුනා..නාස් පොල්ල දිගෙ පල්ලම් බැහැල උන්න කන්නාඩියක් ආයෙ උඩට උස්සගත්ත මන් අයත්ම හොයාගන ගියා.. කො මේ මිනිහා...
ආ..... අර ඉන්නෙ... අනෙ එයා..... එයා අම්මගෙ ඇද හදනවා... ඒකත් අම්ම එක්ක බරම බර කතාවක් දාගන... එයා මොනාදො හරි හරියට අම්ම එක්ක දොඩවන ගමන් ඇදට කවරයක් දාලා කොට්ට උර දාන ගමන් හිටියා... අම්මගෙ හිනාව මුනෙන් එකයි... අම්ම ඉස්සරහනම් වචනයක් වත් කියන්න බැ මට... එත් මේවගෙ තේරුම.මොකක්ද කියල මන් අද බේරුමක් කරගන්නම ඕන...
එයාට අම්ම එක්කම ඉන්න දීල සාලෙට ආව මම තේ හදනකල් යන්නෙප කියල ශේන්ටත් කියාගනම කුස්සියට ආවා... හීටරෙන් උනු කරගත්ත වතුර ටිකට කෝපි හැදි තුනකුත් දාල පිටි හැදි හය හතකුත් දාලා සීනිත් ගානට දාගන උකුවට හදපු කිරි කෝපි දෙක මග් දෙක්කට දාගත්තා...
එලිය වැහි අන්දකාරෙ... තේ එක්කට වඩා කිරි කෝපි හරිම රසයි... මගෙ එක මගෙ කෝප්පෙට වෙනම හදල අයින්කරගත්ත මන් ට්‍රේ එක අරන් සාලෙට ඇවිල්ල පොඩ් මේසෙ උඩින් තියල ශේන්ට කතා කරා.... එයා එන් වෙලේක එයි... ඇයි අනේ...
YOU ARE READING
❗ස්පන්දන❗( yizhan ) Complete
Fanfiction" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....