❗.තෙවන හදගැස්ම....

1.2K 198 9
                                    

අදත් මම වැඩට යන්න කලින් නුවර හොස්පිට්ල් එකේ ඉදන් එහෙම්ම මගෙ තුන් හිතම නිවල පොඩිම හරි සහනයක් දෙන ගැටඹෙට අඩිය තිබ්බා...

එහ පැත්තෙන් ගලන ගගෙ වතුර සද්දෙ බෝධියේ කොල එකට හැපෙන සිලිසිලිය එක්ක ඇගට දැනෙන නොදැනෙන ගානට හමන ඒ ලා හුළග... මගෙ ඔලුව තත්ත්පරේකට සන්සුන් කරා....

11 වෙද්දිවත් ආපහු නුවරට යාගන්න ඔනිවෙලා තිබ්බ මම ඉක්මනින් ඉක්මනින් මල් වට්ටිය හදල බෝධිය නාවන්න ගත්තා...

" අනේ බුදු හාමුදුරුවනේ .... මගෙ බලාපොරොත්තු කඩ වෙන්න දෙන්නෙපා... මගෙ අම්මට පිහිටක් වෙන්න....! "

මගෙ අම්මට.... මගෙ අම්මට පියයුරු පිළිකාවක්...

දැන් අවුරුදු දෙක්කට කිට්ටුයි ඒක අදුරගෙන.. මගෙ අහින්සක අම්මගෙ වම් තනපුඩුව දැන් වෙද්දි කපල අයින් කරල ඉන්නෙ... ඒත් ආපහු ඝඩුවක් විදියට පපුවෙ ඉදන් ඒ පිලිකාව දලු දාලලු... මගෙ අම්මගෙ ජිවිතෙ විශ්වාස කරන්න බැලු...

මොකක්ද අපෙ හාමුදුරුවනේ මම කරන්න ඕනි... බෙහෙත් කොච්චර කරා උනත්... කොච්චර කප කපා අයින් කරා උනත් ආයෙ ආයෙත් දලු දදා උඩට එනව නම්..... කෝමද එයාව හොද කරන්නේ...... කොහොමද...!?

ඇස් අස්සෙම ඉපදිල පිටට එන්න නොදි වෙනදට මරල දාන පුන්චි කදුලක් අද මගෙන් බේරිල ඇහැ කොනින් එලියට කඩන් වැටුනා...

මම... නමින් නෙසිත් පූජන සූර්‍යාරච්චී වෙලා
අවුරුදු 23ක් උන මට ඉන්නෙ අම්මයි අක්කයි විතරයි ... අපි දිගන... නුවර...මන් පුන්චි කාලෙම මගෙ තාත්ත අම්මගෙන් වෙන් උනා... අක්කයි මායි අම්මයි අපි තුන්දෙනා ජිවත් උනෙ අම්මගෙ.මහ ගෙදර අපෙ.ආච්චිල එක්ක... ඒ දෙන්නමත් මීට අවුරුදු දෙක්කට උඩදි නැති උනා.. අම්මට කියල හිටියෙ එක සහෝදරියයි ඒ ලොකු අම්ම.විතරයි ... එයාත් බැදල මාතරට ගිහින් නිස ගෙදර මමයි අක්කයි විතරයි ...

මගෙ අක්ක අසේකා.. අසේකා සදමිනී සූර්‍යාරච්චී ....එයාට දැන් 25ක්... පේරාදෙනි විශ්ව විද්‍යාලේ බාහිරින් කළා උපාදිය කරන ගමන් ඉන්න එයා වැඩ කලේත් මගෙ ගාමන්ට් එකේමයි... අම්මට අසනීප වෙනවත් එක්කම උසස් පෙලින් එහා ඉගෙනීම නවත්තපු මමත් අක්ක එක්ක ගාමන්ට් යන්න පටන් ගත්තා...අක්කා සුපවයිසර් වෙද්දි මම එයාගෙ ලයින් එකේම කොලිටි බැලුව..

❗ස්පන්දන❗( yizhan )  Complete Opowieści tętniące życiem. Odkryj je teraz