සමහර මිනිස්සු දකිද්දි හිතට හරි අමුතුයි සතුටුයි... ඉදහිට හරි වචනයක් වත් කතාරගන්න ලැබුනොත් පපුව හිරි වැටිල වගෙ දැනෙනවා... දකින පලවෙනි තත්පරේදි පපුව වේගෙන් ගැහෙනව... මට පූජ්ව දකින හැම වතාවෙම එහෙම වෙනවා... අවසිහියෙන් වගෙ එය දිහා බලන් ඉන්න හිතෙනවා... ආසයි එ ඇස් දෙකට... ආසයි ඒ හිනාවට... ආයෙ ආය දකින්න ඇත්නම් හරි සතුටුයි මට....මිනිස්සු මරන්න අත පය කඩන්න ගිනි තියන්න පුච්චන්න වෙඩි තියන්න පුරුදු වෙලා ඉන්න මන් හැම වෙලෙම ඉන්නෙ එකෙක්ව මරන සිහියෙන්... මට එක බුලට් එකක් එක ඇගක් ඇතුලට බස්සන එක අමුතුම ආතල් එකක් වගෙ දැනෙන්නෙ.. මගෙ ඉස්සරහ එකෙක් කැ ගහද්දි ජිවත් වෙන්න තව චාන්ස් එකක් ඉල්ලද්දි මන් හරි ආසයි ඒ දිහා බලන් ඉන්න... හරි ආසයි ඒ කැ ගැහිල්ල අහන්න...ඒ වේදනාව මට හැමදාම සතුටක් ගෙනාවා.. හැබැයි සතුටක් විතරයි .... සැනසීමක් නෙවෙයි...
ඒත් පූජ්... සෑහෙන කාලෙකට පස්සෙ මට සතුටට එහා හැගීමක් දුන්නා.. මීට කලින් එහෙම කවදාවත් දැනිල තිබුනෙ නැ...මන් මුලින්ම එයාව දැක්ක දවසෙ මට ආය ආය දකින්න ආස හිතුන ලොකුම හේතුව ඒ හිනාව...ඊට පස්සෙ ඒ හිනා වෙන දුඹුරු ඇස් දෙක... එ වගේම එයාගෙ හරි නිවුන හැසිරීම..... පූර්වි කියන්නෙ පොඩි කෙල්ලක්.. එතන තිබ්බෙ ඒ කාලෙට ගැලපෙන ආදරයක්... ඒත් ඒ කාලෙ දැනුන හැගීමයි පූජ්ගෙන් දැනෙන ඒ නුහුරු හැගීමුයි ගොඩක් වෙනස්....
පූජ්‍ට පුලුවන් නූල් බෝලයක් වගෙ පැටලිල තියෙන ඔලුවෙ දරාගන්න බැරි ප්‍රශ්න ගොඩක හෙම්බත් වෙල ඉන්න හිත පොඩි වෙලාවකට එයාගෙ ලගට අරන් නිවල දාන්න... හැම වෙලේම තරහෙන් කැකෑරි කැකෑරි ඉන්න මාව එක බැල්මකින් සන්සුන් කරන්න... එයාගෙ හිනාවකට පුලුවන් මගෙ පියවි සිහිය උදුරගන්න එයගෙ එක ඉරියව්වක් මාව වෙනම ලෝකෙකට ගේනවා.. එයා ලගින් ඉන්න එයාව අල්ලන් ඉන්න එක මොහොතක් එක තත්ත්පරයක් මට ලොකු සැනසීමක් ගේනවා... එවෙලෙට පපුවට දැනෙන දේ මට වචනෙකින් කියල දෙන්න තේරෙන්නැ..
පූජ් කියන්නෙම මගෙ ලේ වියරු වැටුන හිතට අහම්බෙන් වැටුන වතුර පොදක් වගේ... හරි සැනසීමයි.. එක දිගට කඩන් වැටෙන වැස්සට පැනල තෙමෙනකොට වතුර බින්දු බින්දු ගෙඩි ගෙඩි වගෙ හම උඩට වැටෙනකොට වැස්ස අස්සෙන්ම ගලන් එන හුලග ඇගෙ වැදිල සීතල දැනෙනකොට ඒ දැනෙන අමුතුම සතුට වගේ... පූජ් කියන්නෙත් එ වගෙ හැගීමක් කියල මට හිතෙනවා...
ESTÁS LEYENDO
❗ස්පන්දන❗( yizhan ) Complete
Fanfic" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....