# The Ring 👣💍
" අම්මාආ...අයියා මගෙ ඩෝල් ගේ කෙස් ගහක් ගැලෙව්වාආ....."
" තාත්තා .... එලී මගෙ ෂූ එකේ ලේස් එක ගැලෙව්වාඅ....
වාහනෙ යන ගමන් ඩොක්ටර් රෙහාන්ටයි එයාගෙ බිරිඳ ටයි උනේ ලමයි දෙන්නගෙ රන්ඩු බේරන්න...
කොහොම හරි පැය 4 ක පමණ ගමනකින් පසු සියලු දෙනාම තම ගමනාන්තය වෙත ලගා උනා...
නගරයෙන් පිටත ගම්බද ප්රදේශයට ආව මේ ගමන ශාන් ට වගේම එලීනටත් හරි නැව්ම් අද්දැකීමක් උනා...කාර්යබහුල ජීවන රටාවෙන් ටිකක් හරි ඈත් වෙන්න ලැබුන එක ගැන නොකිව්වට ඩොක්ටර් රෙහානුත් හිටියේ තරමක් සතුටින් .
තමන්ගෙ ගෙදර ට ටික ටික ලන්වෙත්ම ඩොක්ටර් රෙහාන් ගෙ හිත පරණ මතක වලට ඈදෙමිනුයි තිබ්බේ...
නිවසක් කියනවට වඩා ඒක ලොකු මැන්ෂන් එකකට සමාන උනා..පරම්පාරා ගානක් තිස්සෙ එන ලොකු බන්ගලාවක් ,
අක්කර ගනනාවක භූමි ප්රමාණයක් වුන එහි තේජස් බව නම් කොච්චර කාලයක් ගිහින් උනත් අඩු උන පාටක් නෑ කියලා ඩොක්ටර් රෙහාන් තම වාහනය ගේට්ටුවෙන් ඇතුලට දාද්දිම හිතුවා.
YOU ARE READING
😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fate
Fanfiction" කවුද ඔයා ? " 👀👣 " එ මුද්ද උබේ නෙවෙයි ... ගලවපන්..." 👣 [ YiZhan]