" දෙයියනේ .... එතකොට ...මි.හි.ල්‍ය..."
දනහිස් දෙකත් නවාගෙන බිම ඉදගෙන හිටපු ශාන් තම දෑතින්ම තම හිස කෙස් තදින් අදින්නට වූයේ දෑස් ද කදුලින් තෙමෙද්දී...
කුමක් කරන්නද කියා සිතා ගත නොහැකි වූ ඔහු අවසානයේ යොහාන්ට මේ ගැන කියන්නට සිතා ගෙන ඔහුට දුරකතන ඇමතුමක් ගත්තත් , එයින් ප්‍රතිචාරයක් නොලැබුනි...
එතනින් නැගිට තම මුහුන සෝදා ගත් ශාන් නැවතත් තම පන්තිකාමරයට යන්න පිටත් වුයේය.
අවිදු -: " ඉදා...ගනිං උබෙ බෑග් එක..."
ශාන් පන්තිකාමරයෙන් පිටත ඔහුගෙ බෑග් එකත් අතැතිව සිටි අවිදු දුටුවෙන්...සිනහවක් මුහුනේ නගා ගෙන එ දෙසට ගියායින්... ශාන් ගෙ බෑග් එක අතේ තබා සිටි අවිදු එය ශාන් දෙයට විසි කරන්නට විය.
තේමිය -: " උබට දියවැඩියාව ද බං..."
ශාන් -: " මොකද "
තේමිය -: " මොකද අහන්නෙ යකෝ...උබ වොස් රූම් එකේ මුල් ඇද්දද "
ශාන් -: " හරි හරි ...ඉතිං ..."
නවිෂ්ක -: " හ්ම්ම්ම්...වොස් රූම් එකේ කෑල්ලක්වත් සෙට් උනැයි "
ශාන් -: " පල පල යන්න...අනවස්ස විහිලු කරන්නෙපා ඈ.. "
අවිදු -: " දැං යමන්...හිමකිරිමක් වත් කාලා ගෙදර යන්න..."
නවිශ්ක -: " අපි මේ සතියෙ මූවි නයිට් එකක් ගහමුතේ "
තේමිය -: " ආආන්...න...හොදයි "
ශාන් -: " හ්ම්...හ්ම්...දැං යමල්ලා..."
අවිදු -: " මොකද උබ අද පුක කැඩිච්ච කඩියා වගේ ගෙදර දුවන්න හදන්නේ...ඇ "
ශාන් -: " බඩගිනි..ගෙදර යන්නෝන ඒයි"
තෙමිය -: " ශානයා කිව්වත් මොකො මගෙ හිගන පවුලට බඩගිනි ඇවිල්ලා ඒයි..."
නවිෂ්ක -: " උබත් ඉතිං කොච්චර වාආත්... කාපියා ගත්ත ගමන්නේ..."
තම මිතුරන්ගෙන් සමුගත් ශාන් ඉක්මනින් නිවසට පැමිනියේ ,
" අම්මෙ...අම්මේ...අම්මා...."
කෑගහගෙන වෙද්දි... කේක් වගයක් අයිසිං කරන ගමන් හිටපු නිෂා බයවෙලා දුවගෙන ගියේ ශාන්ට කරදරයක් ද කියලා හිතාගෙන..
YOU ARE READING
😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fate
Fanfiction" කවුද ඔයා ? " 👀👣 " එ මුද්ද උබේ නෙවෙයි ... ගලවපන්..." 👣 [ YiZhan]