👣 07👀

262 30 18
                                    


# The Ring  👣💍





රාත්‍රී ආහාරය ගැනීමට ලී වලින් තැනූ දිග මේසයේ ,ඩොක්ටර් රෙහාන් හැර අනික් හැම කෙනෙක් ම වාඩි වෙලා හිටියේ ... සෑහෙන වෙලාවක් තිස්සෙ රෙහාන් එනකන් බලන් හිටියත් , ඔහු නාව නිසා නීෂා පිගානකට ආහාර බෙදා ගත්තේ තම සැමියට ගෙන යනු පිනිසය...

" අක්කේ... අයියට එන්න කියන්න .. කන්න මම එලියට යනවා..."

තම ඇස කොනේ රැදී තිබූ කදුලු බිදු වැටෙන්නට නොදී ඇහි පිහාටු ගසා පාලනය කර ගනිමින් කී යොහාන් තම ආසනයෙන් යන්නට නැගිට්ටෙය..

" පිස්සු නැතුව ඉන්න මල්ලි...මම හිතන්නෙ වැඩක් ඇති ඒකයි නාවෙ...ඔයා කන්න ඉදගෙන..."

නිෂා කිව්වත් ,

" නෑ අක්කෙ මට බඩගිනි නෑ "

මලානික සිනහවක් පෑ යොහාන්  එතනින් පිට වුනේ එලියට යන්න හිතාගෙනය.

මෙ සිදුවීම දෙස බලා සිටි යීබෝ ... තමා ලගම හිදගෙන සිටි තම මිත්තනියගෙන් ,

" ආච්චි ඇයි ඒ... ඒ දෙන්නා තරහා "

ඇසුවත් ,

" ආඅ...ඒක ලොකු අයගෙ ප්‍රශ්න නෙ..ඉතින් ගනන් ගන්න එපා ඔයාලා කන්න..."

කියමින් ඇය ශාන් ගෙ හිස අත ගෑවේය.

ඇය එසෙ පැවසුවත් යීබෝ ට එය දැන ගැනීමට වුවමනා වුනි...

යොහාන් පිටව ගොස් මිනිත්තු කිහිපයකින් රෙහාන් ආවත් කිසිම කෙනෙක් කිසිත් නොකියාම තම රාත්‍රී ආහාරය ගන්නට විය.

රාත්‍රී ආහාරයෙන් අනතුරුව ශාන් තම කාමරයට යන්න ගියත් , ශාන්  එළියට යාමට තීරණේ කලේ යොහාන්ව සොයා ගැනුමටය.

මිදුලට බැස්ස ශාන් දුටුවේ ටිකක් එහායින් සිමෙන්ති පොලවේ උඩුබැලි අතට වැතිරි , එක් කකුලක් නවාගෙන , තම හිසට අත් දෙකත් යට වෙන්න තියාගෙන අහස දෙස බලා සිටින යොහාන් ය .

ඔහු දෙස බලා හුස්මක් පහලට දැමූ ශාන්, ඔහු ලගට ගොස් ඔහුගෙ එහා පැත්තෙන් වැතිරුනේ ,

" බාප්පෙ "

කියමින් ය.

ඔහු දෙස තම හිස හරවා බැලූ යොහාන් ශාන්ට සිනහවක් දුන්නේය.

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateWo Geschichten leben. Entdecke jetzt