👀17👣

212 16 17
                                    

" ඔහ්...නම ලස්සනයි ...එතකොට කව්ද මෙ අනික් කෙනා...මූන පේන්නෑ...නෙ...බොද වෙලා...."

" ආහ්...එයා......."

____________________________________________

# The Ring 👣💍






ශාන් ... යීබෝගෙ මුහුණ දිහා බලන් හිටියේ , යීබෝගෙ පිලිතුර බලාපොරොත්තුවෙන් ...

" එයා ... ම්ම්...මගෙ ...."

තම දෑස් නැවත ජායාරූපය වෙත ට අවධානය යොමු වී ඇති යීබෝගෙ දෑස් දුකින් බර වූයේ ශාන්ගෙ කුතුහලය තවත් වැඩි වෙද්දිමයි.

" යාලුවා "

තවත් මිනිත්තු කිහිපකයට පසු යීබෝ කිව්වත් ශාන් ගෙ දෑස් නං යීබෝ තුලින් ඉවත් වූයෙ නැහැ.

" හ්හ්...යාලුවා ... "

" හ්ම් "

" එතකොට කෝ දැං එයා...."

" එයා ... දැං නෑනේ ... "

" ආඅහ්....එයාද එතකොට රට ඉන්නවා කිව්වේ මේ ගෙදර ... "

ශාන් ඇසුවත් , නැවතත් යීබෝ ශාන් දෙස බලා සිනාවෙලාම , හිස වනමින් ,

" එයා තමා..."

" අපි එයාට එන්න කියමු ... "

" මම දන්නෑ එයා ඉන්න තැනක්..."

" ම්ම්ම් අයියෝ...ඕක මොකක්ද අනේ ෆේස්බුක් තියෙන්නෙ ඕකට නෙහ් මිස්ටර් හොල්මං..."

" ෆේ...ෆ්...ෆේ...මොකක් "

ශාන් කිව්ව අමුතු වචනෙ මොකක්ද කියලා යීබෝ ආයත් ශාන් දිහා බැලුවේ මූන අමුතු කරගෙන...

" ආෂ්...ඔයා හැත්තෑවෙ දශෙකේ බූතෙයක්ද අප්පාහ්..."

ඔලුවට අතකුත් තියාගෙනම ශාන් කිව්වත් යීබොගෙන් ලා සිනහවක් මිස වෙනත් පිලිතුරක් නම් ලැබුයෙ නැත.

" ශාන් අපි යං "

" හහ් "

"...ශාන්..ශාන්...ඉක්මනට "

එක් වරම වටපිට බැලූ යීබෝ කලබලයෙන් , ශාන්ගෙ අතත් ඇදගෙනම එලියට දුවන්න උනේ...ශාන්ට කිසිත් සිතාගැනීමටත් කලින්මය.

" ...බෝ....යී...බෝ....ඇයි මෙහ්...යොහ්...මගෙ අත රිදෙනවා...ඔයා හයියෙන් අල්ලන් ඉන්නෙ....ඇහෙනවද..."

ශාන් කෑගැහුවත් යීබෝට එය ඇසුන බවක් නං පෙනෙන්නට තිබුනෙ නැහැ.

You've reached the end of published parts.

⏰ Last updated: May 08 ⏰

Add this story to your Library to get notified about new parts!

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateWhere stories live. Discover now