👣 04👀

421 40 8
                                    

# The Ring  👣💍











සුවදායි නින්දකට පස්සෙ ශාන් අවදි වූයේ සවස තුනත් හතරත් අතර කාලයේ. මෙතරම් වෙලා නිදාගත්තාට තම මවගෙ ඝර්ජනාව ඇසීමට නොහැකි වීම ගැන පුදුමයෙන් පසු වූ ශාන්ට මතක් වූයේ උදේ වරුවේ තමාට හමුවූ මිහිල්‍ය පිලිබදවය.

තමා ගෙ වයස වුවත් තමාට වඩා අගලක් හෝ දෙකක් පමණ උස ,තමාගෙ සිනිදු අත් වෙනුවට ඔහුට තිබුයේ ගොරෝසු සමක් බැව් තමාට අත දෙන වෙලාවෙ ශාන් නිරීක්ෂණ කලේය. කෙසේ නමුත් සවස ශාන් සමග ඇවිදින්න යාමට ඔහු පැමිණෙන බව කීම මතක් වූයේ මේ වෙලාවේ.

ඉක්මනින් මුහුණ සෝදා වෙනත් ඇදුමක් දා පහල මාලයට ගිය ඔහු දුටුමෙ අම්මයි , ආච්චි මුලුතැන්ගෙයි විශාල කතාවක යෙදී තියෙන අයුරුත් තම පියා දුරකථන ඇමතුමක සිටින අයුරුත් තම සහෝදරිය නිවසේ සිටින පූසගේ බෙල්ලට රිබන් පටියක් ගැට ගසන අයුරකි.

" ආආ ශාන් පුතා  දැන් ද නැගිට්ටේ "

ශාන්  ගෙ මවත් සමග  කරමින් සිටි කතාව මදකට  නතර කරමින් ශාන්  ගෙ මිත්තණිය  විමසුවේ මූන හේදුවත් ඈනුමක් යවනු දුටු ශාන් ගෙනි.

" ආඅ...ආච්චි ඔව් ... දැන් ඇහැරියේ "

" ඔයාගේ යාලුවෙක් ඔයාව හෙව්වා ඔන්න "

" මගෙ "

නැවතත් සිනහවක් පෑ ඇය ,

" ආන්න්න් මිහිල්‍ය වත්තේ ඉන්නවා... ඔයාව බලන්න ආවා ඔයා නිදි හින්දා ආයෙ ගියා..."

" හවස පොඩ්ඩක් එළියට යන්න බැලුවේ ... "

" ඒක් හොදයි  ගිහින් එන්නම් එහෙනම් ... මිහිල්‍ය හොද දරුවෙක් "

කියූ ඇය කුකීස් පිර වූ බදුනක් රැගෙන ශාන්  අතට පත් කලේය.

" රස බලන්නකො ඉතින් ... අපෙ පොඩි කුමාරයො..."

" හී හී... ආච්චි මට ලැජ්ජයි අනෙ ඔහොම කතා කරද්දී "

" මගෙවත් නැති කැටයම් තියෙන්නෙ "

මෙච්චර වෙලා පූසා එක්ක සෙල්ලම් කර කර හිටපු එලීනා කිව්වෙ කටත් ඇද කරගෙනමය.

එලීනට දිවත් දික් කරපු ශාන්  කුකීස් දෙකකුත් අරගෙනම වත්ත පැත්තට දිව්වෙ මිහිල්‍ය මුණගැසෙන චේතනාවෙන්.

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateWhere stories live. Discover now