👣05👀

280 32 6
                                    

# The Ring  👣💍





ශාන්  -:   " මූ අප්පාගෙ ඩෑල් එකක් නෙ යකො"

රෂ් -: " ඒක තමා කියන්නෙ , තමන්ව පොඩි කාලෙ ඉදන් බලා ගත්තු අයට ඔහොම කරන එක නම් හරි ම නැහැ "

මිහිල්‍ය  -: " හරි නෑ නෙවෙයි බන් වෙන වචන තියෙනවා ඔව්වට කියන්න "

කතාවෙන් කතාවෙන් හතර දෙනාම ගස් ගල් මුල් උඩින් පැන පැන ආවේ වැලි පාරක ට ය.

" මේ කොහෙද මේ ... අකේන් පුතා ... පාර හරි නෙහ් "

රෂ් ඇස් දෙකත් පොඩි කරන් අකේන් ගෙන් ඇහුවේ ගූගල් මැප් එක වගෙ පාරක් එහෙම මතක තියාගන්න ඔන් නම් ඉතින් අකේන් තමා වැඩ්ඩා බව දන්න නිසා.

" හරි බන් හරි ... ආයෙ ඉතින් පාරවල් ගැන මගෙන්ම අහනවානෙ "

" දැන් අපි ආවේ වැලි පාරට ... මේක ඉවර වෙන තැනතමා ගෙදර තියෙන්නෙ .... මේ පේන්නෙ නැද්ද බැටලු අඩි සලකුනු... "

අකේන් අනිත් තිදෙනාට පැහැදිලි කරන්නට විය.

තවත් සුලු වෙලාවක් ඇවිද ගියපු ඔවුන්ට දැක ගත හැකි වූයේ විශාල ශාක වලින්ම සැදී ඇති ආරුක්කුවකි... දැන් සවස හතර පසු වී තිබූ නිසා සූර්යාගෙ රශ්මි කදම්බයත් එක්ක රන් පැහැගත් ගත් එම ගස් වලිම් ම සෑදී ඇති විශාල ආරුක්කුව තුලින් ඇති පාර දිගේ ඔවුන් ගමන් කරන්නට වූයේ තරමක් අදුරු වන පරිසරයත් සමගයි.

" ශාන්  ... කො මෙහෙට එන්න ... නැත්නම් මට තමයි වගකියන්න වෙන්නෙ මොනව හරි උනොත් "

කියූ මිහිල්‍ය ඔහුට පසුපසින් ගමන් ගත් ශාන් ව තමන්ට සමාන්තරව ගමන් කිරීමට ඇද ගත්තේය.

රෂ් -: " හෙන මූසල ෆ්‍රීලින් එකක් බන් එන්නෙ "

මිහිල්‍ය -: " ඉතින් හිතපන්කො කාලෙකට කලින් මේක ලස්සනට තියෙන්නෙ ඇති කියලා... මෙ හොදට බලහන් මේක ගස් ම යවලා තියෙන ආරුක්කුවක් .... සාමාන්‍යයෙන් කාර් එකකට යන්න පුලුවන් ඉඩක්..."

අකේන් -: " අනික , මේ ඕක් ගස් වලින්ම හදලා තියෙන්නෙ ... මොනවා උනත් හොදට උද්භිත විද්‍යාව කරපු එකෙක් වෙන්නැති මේ වත්ත ඩිසයින් කලේ ...ඔන්න් ආවා අර පේන්නෙ ගේට්ටුව "

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateDonde viven las historias. Descúbrelo ahora