" ශානූ...දරුවෝ...මොකද්ද ...උනේ..."
තම අත තදින් මිරික ගෙන එළියට දුවගෙන යන ශාන් ගෙ පසුපසින් දුවගෙන යන ගමන් යොහාන් කෑගැසුවේය...
පල්ලිය තිබූ සීමාවෙන් පිටත තිබූ මඩ වතුර වලකට තම අත් දෙකම ශාන් ඔබා ගත්තේ අඩන ගමන්මයි...
" ආව්...මගෙ..අත..බා..ප්පෙ...මගෙ..අත...ද..
නවා... බාප්පෙ.."බිම ඉදගෙන මඩ වතුර වලකට අත් ඔබාගෙන ඉන්න ශාන්ගෙ ලගින්ම දණ ගැසූ යොහාන්...
" කෝ...බලන්න..කො..අත්.."
" බෑ...බෑ...ද නවා..ද..නවා..අනේ...බා..ප්පෙ.."
" කෝ..මගෙ පුතා...අඩන්න එපා...කෝ..බප්පාට පෙන්නන්න..."
ශාන් ගෙ ඔලුව අතගාන ගමන් හෙමීට යොහාන් මඩ වලෙ ඔබන් හිටපු ශාන් ගෙ අත් දෙක ගත්තා..
" ආව්..."
තම සාක්කුවෙන් ගත් ලේන්සුවකින් මඩ වලින් නැහැවී ඇති ශාන් ගේ අත් හෙමීට පිසදැම්මා..
" කෝ බලමූ ..."
ශාන් ගේ දෑත් සෙමින් අල්ලා බැලූ යොහාන්ට දැක ගත හැකි වූයේ ශාන්ගෙ මුලු අතේම රතු - රෝස පැහැ ගත් පිලිස්සීම් ළකුණුය... තදට නොතිබුනත් එය ශාන්ට වේදනාවක් දෙන්නට විය. ඇසිඩ් එකක් වැනි දෙයක් ගෑවුනා වගේ පැල්ලම් ලාවට ශාන් ගෙ අතේ තිබුනේ සැබැවින්ම යොහාන්වත් පුදුම කරමින් ය.
යොහාන් පුදුමයෙන් අඩමින් උන්නු ශාන් දෙස බලා...
" ශානු ... ඔයාගෙ අතට මොනාවා හරි වැටුනද ..."
" මු..නාද ..."
" මොනාව හරි කෙමිකල් එකක් වගෙ "
" නෑනේ.."
" හ්ම්...තාම අත දනවද ... ආ.."
" නෑ"
" මේ තුවාල රිදෙනවා ද "
" ම්හුක්...නෑ..නේ "
බර හුස්මක් පාත දැම්ම යොහාන් ශාන් ගෙ දෑත් අල්ලන් ම නැගිට,
" ශානු...මම ඉක්නට එන්නං... ඔයා වාහනේ ගාව ඉන්න...හරි ද... "
" හ්ම්.."
" කෝ ඔය කදුලු පිහදාගන්න...ආපෝ...චූටි බබෙක් වගෙ නේ.."
කියූ යොහාන් තමන්ගෙ ෂර්ට් එකේ අතින් හෙමීට ශාන් ගෙ මුහුන පිහදාන ගමන් කීය..
![](https://img.wattpad.com/cover/337875856-288-k879670.jpg)
YOU ARE READING
😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fate
Fanfiction" කවුද ඔයා ? " 👀👣 " එ මුද්ද උබේ නෙවෙයි ... ගලවපන්..." 👣 [ YiZhan]