👀16👣

242 20 9
                                    

# The Ring  👣💍


හිරු කිරණ වලට පරාවර්තනය වූ ... නෙලුම් මලක් හැඩ ගත් මුදුව නැවතත් ශාන් අතට ගත්තේ...කුතුහලයෙනි.

" එ වගේමයි... හරියට පලවෙනි දවස වගේ...."

මුද්ද දෙස මොහොතක් බලා සිටි ,ශාන් ... එය නැවතත් තම ඇගිල්ලේ දමා ගත්තේ...හිතට ඇතිඋන කුමක්දෝ ආශාවක් සමගිනි.

තමා මුදුව පැලැදි පලමු දිනය මෙන් සිත පුරා ගලා ගිය බයක් සහ පරිසරයේ තිබූ මූසල බවත් නැවතත් ඒ ආකාරයෙන්ම තිබෙන බව ශාන්ට වැටහුනේය.

සීතල හුස්මක් තම කන වටේට දැනෙන විට , තම ගතේ රෝම කූප පවා ඉලිප්පි යන බව ශාන්ට දැනුනි.

" අන්තිමේදී.........."

" උබ .... ආවා........."

ගැහැනු කෙනෙක් උගුරෙන්ම නැගුන කටහඩකින් තම කන ගාවින්ම මුමුණන ශබ්දයට ශාන්ගෙ ඇගම සීතලකින් වහ ගත්තේය... බලා ගත් විදිහට , පිලිමයක් ලෙස ශාන් එහි සිටියේ , ඔහුට ඔහුගෙ කකුල් දෙක පවා අවනත නොවෙන ලෙසය.

එ ගැහැනු කටහට දිගින් දිගටම ඔහුට කීවේ...ඔහු පැමිනි බවකි.

මෝහනයට හසු වූ කෙනෙක් පරිද්දෙන් බලාගත් වනම සිටි ඔහු ගෙන් කිසිදු චලනයක් සිදු වූයේ නැත.

" දැං පලයං...උඩම.... තට්ටුවට පලයං..."

ඇය නැවතත් ශාන්ගෙ කනට කෙදිරුවේය. ඇයට අවනත ශාන් මදක් හිස සලා....හෙමීට හැරුනේ එම කාමරයෙන් එලියට යන දොර දෙසටය.

" පලයං...පලයං...ඉක්මනට ....උඩම තට්ටුවට...ගිහින් ... බැල්කනි..එකේ තාප්පෙට නැගපං...පලයං...."

ඇය නැවතත් ශාන්ට අණ දෙන්නට විය. කොරිඩෝව හරහා තරප්පු පෙල නැග ඇගෙ අණ කිරීම පරිදි තට්ටු තුනකට වඩා විශාල බංගලාවේ .... උඩම තට්ටුවට පැමිනි ශාන්...එහි තිබූ කලක් සුදු පැහැ තීන්තයෙන් සැරසුනු...නමුත් දැං දුර්වර්ණ වී ගිය බැල්කනි යේ...මිනිසෙකුගෙ කකුලක තරම් පළල ඇති තාප්පය මතට නැග්ගේ...හැගීම් දැනීම් නොලද්දෙකු පරිද්දෙනි...

" අහ්හ්හ්...හ...හ්හ්...."

වියරු ගැහැනු සිනාවකින් වටේ ම වහගත්තේ...එය ඇසූවකුට සුලු දිය පහ වනු නොඅනුමානය.

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateWhere stories live. Discover now