👣08👀

226 27 14
                                    

# The Ring  👣💍









රත් පැහැ ගැන් වුන තම කම්මුලත් අල්ලන් ශාන් එළියට යන්න කල්පනා කරන අතරතුරේ .... ශාන් ගෙ කාමරයේ දොරට තට්ටු කලේ නිෂා.

" ශානූ ... තාම නිදිද ආහ්... මෙ තේ එක ගෙනාවා..."

" ආහ්!! අම්මා...මම බාත්තෲම් එකෙ ඔතනින් තියලා යන්න කො..."

තම පුතුගේ කාමරයට ඇතුල් උන නිෂා සිය දෑස් කාමරය සිසාරා යවා , තමා රැගෙන ආ තේ කොප්පය මේසයක් මතින් තැබුවේය.

" ශානූ ... තාත්තා සීයා එක්කලා චර්ච් එකට ගියා ... මමයි ආච්චි යි නන්ගි පොළට පොඩ්ඩක් යනවා ඔයත් එනවද "

අලි මදියට කොටි කියලා ශාන් ගෙ අම්මා පොලේ යන්න කතා කරද්දී ... කොල්ලගෙ අත ආයෙත් ගියෙ ගුටි කාපු පාරවල් තියෙන තමන්ගෙ කම්මුලට ...

" ආහ් !! නෑ මෙ..ඔයාලා යන්නකො මගෙ දතක් පොඩ්ඩක් රිදෙනවා ..ඒකයි..."

" තව ඔබපන් , ගඩොල් කැටේ .... දතක් නෙවෙයි ඇන්දම රිදෙයි "

" හෑ !!! අම්ම්මාආආආආඅහ්..."

රිදුම් දෙන කම්මුලත් අල්ලන් ශාන් කෑගහන්න ට වූයේ ... තමන්ගෙ ෆොන් එකයි දතයි අතර තියෙන සම්බන්දේ මොකද්ද කියලා කල්පනා කරන ගමන්...

" මම කරාබු නැටි පේස්ට් එකක් හදලා කුස්සියෙ මේසෙ උඩින් තියලා යන්නම් ..."

" ආහ් !!! හා හා..."







නැවතත් කාමරේ දොර වැහුන සද්දෙට තමන්ගෙ මව ගියා කියලා තේරුන ශාන්...නැවතත් තම කාමරයට ගොස් තුවාය අරන් ආවේ සීතලෙන් පොඩ්ඩක් තැව්වොත් ඉදිමුම බහී කියන අටියෙන්...

තම තුවායෙ කොනක් වතුරෙ පොගවා විනාඩි පහක් හයක් පමණ තම කම්මුල තැවූ ශාන්...කන්නාඩියෙන් මුහුණ බැලුවේ තවමත් ඉදිමුම තියේද බැලීමටයි...

නමුත් එක්වරම....

කන්නාඩි යෙ මීදුමක් බැදුනේ තම මුහුණවත් ශාන්ට දැක ගත නොහැකි ලෙසින්...

" මො..මොකද්ද ..මේ..."

ශාන් තම දෑත් වලින් කන්නාඩි ය පිස්සත් ... නැවත නැවතත් මීදුම බැදෙන්නට විය...ඒ අතරේ හොට් වෝටර් ශවර් එක ඔන් වෙන්න ගත්තේ වැටෙන රස්නෙ වතුර වලින්ද දුම් යමිනි...

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateWhere stories live. Discover now