👀13👣

164 19 7
                                    

නොහිතූ ලෙස කඩන් වැටුන වර්ෂාව හේතුවෙන් යොහාන් ගමන් කල මාර්ගය තෙත් වී ලිස්සන සුලු විය.

" බාප්පේ...සීයට ඇයි ..."

තම සීට් බෙල්ට් එක තද කර ගන්නැයි යොහාන් කී නිසාම එයත් ශාන් තද කර ගනිමින් යොහාන් ගෙන් ඇසුවේ කලබලයෙන්...

" දන්නෑ දරුවෝ... අක්කා කොල් කලා... ඉක්මනට ඉස්පිරිතාලෙ ට එන්න කියලා "

සීට් බෙල්ට් එකෙන් දෑස් ඉවතට ගත් ශාන් මාර්ගය දෙස බැලුවේ තම දෑස් විශාල කරගෙනමය...

" බාප්පෙ...බාප්පෙ...ඉස්සරහා...කවුද ඉන්නවා...පාරේ...බාප්පෙ...හෙමින් යං..."

ශාන් කලබලයෙන් කෑගැහුවත් එය තමාට එහා පසින් සිටින යොහාන් ට ඇසුන බවක් නොපෙනුනේය.

" බප්පෙ...බාප්පෙ....ඇහෙන්නැද්ද..."

එ රුවට ටික ටික වාහනෙත් ලං උනේ , ශාන්ගෙ හිත ඔනවට වඩා තිසැස්සෙමිනි...

යොහාන් ගෙ අතට එල්ලුනත් එය යොහාන්ට දැනුනෙවත් නැති බවකි...යොහාන් ට ශාන් යනුවෙන් කිසිවෙකුත් එහා අසුනේ නොසිටින අයුරින් ඉදිරිය බලා වේගයෙන් තම මෝටර් රථය පදවන්නට විය.

කොච්චර ඉස්සරහට ගියත් ඒ රූපය දුරයි...

" බා..ප්පේ..."

දාඩියෙන්ම තෙත් වී ඇති ශාන් වෙව්ලන ස්වරයෙ තම බාප්පා ඇමතුවත් ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවුනි...

" බාප්පෙ...වාහනේ...නවත්තන්න...බාප්පෙ...

නවත්තපං...."

කොතරම් කෑගැසුවත් එය යොහාන්ට ඇසෙන බවක් නම් දුටුවෙ නෑ...

යොහාන් දෙස බලා සිටි ශාන් එක්වරම වාහනේ සුක්කානම දකුනු පසට කැරකුයේ වාහනේ පාලනයෙන් තොරව ඉදිරි කොටස ගසක වැදුනේ...

ශාන් නොහිතූ විදිහට ...

ශාන්ට සීරීමක් වත් නොවුනත් යොහාන් ගෙ හිස සුක්කානම මත තිබුනේ ශාන්ව තවත් බිය ගස්වමිනි...

"බ..බාප්පේ...බාප්පේ..ඔයා...හොදින්ද.."

ශාන් යොහාන්ව නැගිට්ටවන්නට උත්සහ කලේ ,

" බාප්පෙ...බාප්පේ.....!"

" ම්ම්ම්ම්හ්ම්ම්..."

සියුම් කෙදිරීමක් සමග හෙමින් දෑස් විවර කල යොහාන් වට පිට බැලුවේ කිසිත් සිතාගත නොහැකි ලෙසය.

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateWhere stories live. Discover now