👣10👀

221 30 16
                                    

# The Ring  👣💍



" ශාන් ... ශාන් ... මොකද්ද ළමයො උනේ "

ශාන් ගේ අම්මා කඩාගෙන බිදගෙන ගෙදර ට දුවන් ආවත්  වෙද්දී ත් සිද්ධ උන දේ හින්දා ශාන් තරමක කලබලයෙන් සිටියේය.

" අ...අම්ම්...මා "

මේ වෙද්දී ත් ගිලන් රථයක් පැමිණ මළ සිරුර රෝහලට ගෙන ගොස් තිබුනේ යොහාන් ගෙ මැදිහත් වීමෙන්... සිද්දිය සිද්ද වෙලා ඉක්මනට දේවිකා යොහාන්ට දුරකතන ඇමතුමක් මාර්ගයෙන් සිද්දිය විස්තර කර තිබූයෙන් ... හැකි ඉක්මනින් ගිලන් රථයක් සමග පැමිණි ඔහු , රෝහලට ගියේය...

ශාන් ගෙ තාත්තා සහ සීයා පැමිනියේ ඒ මොහොතේ වූ අතර  , අතරමග ගිලන් රථයක් බංගලාවෙ සිට යන බැව් දුටු අසල්වැසියෙක් මෙ බව ගෙදර එන ගමන් සිටි ශාන් ගෙ මවට සහ ආච්චි ට පවසා තිබූයෙන් ඔවුන් ඉක්මනට නිවසට පැමිණියේය.

සිද්ද උනේ කුමක් දැයි තාමත් වටහා ගැනුමට නොහැකි වූ තැන ශාන් වෙව්ලමින් සිටියේ එය දැකීමෙන් තවමත් කම්පනය වී සිටිය නිසාය.

" ම..ම දන්නෑ....මම දැක්කෙ අර ගහ ගාව මැරිලා ඉන්නවා... විතරයි ... මම දේවිකා නැන්දට කිව්වා ... "

" හරි හරි ... දැන් කලබල වෙන්න එපා..ම්...ඒක අනතුරක් "

ශාන් ගෙ මව තම පුතාව අස්වසාලමින් කීය.

කෙසේ නමුත් තවත් වෙලා යන්නට මත්තෙන් යොහාන් ගෙන් ලැබුන ඇමතුමක් නිසා මරණ පරීක්ෂණ වාර්ථාවේ සදහන් වූයේ හදවත හරහා උල් සහිත යමක් පසාරු කර ගෙන තිබූ නිසා මරණ ය සිදු වූ බවයි...

වසර ගනනක් බංගලාවෙ සේවයේ සිටි සෝමේ හට නෑසියන් කිසිවක් නොවූ නිසා ඔහුව එහිම ආදාහනය කිරීමට ඔවුන් තීරණය කලේය...




සිද්දිය සිදු වී දින දෙකකුත් ගිය තැන මිහිල්‍ය ව ශාන්ට දකින්නට නොලැබුණ අතර තමන්ට අද්භූත යමක් ද සිදු වී නොව්න නිසා යම් කුතුහලයක් ඇති නොවුනාම නොවේ... ඔහු දේවිකාගෙන් මිහිල්‍ය ව විමසූ අතර ඇය පැවසුවේ මිහිල්‍ය ලගෙ මවට අසනීප වූ නිසා ඔහු පැමිණි නොමැති බවත් පැවසු අතර නමුත් ඔහු අත තිබූ දෙයක් මෙ වන විට ශාන් ලග නොතිබුනේය...

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateМесто, где живут истории. Откройте их для себя