# The Ring 👣💍
දුවගෙන ඇවිල්ලා කාමරයට ගිහින් ඇදට පැන්න ශාන් කොට්ටෙත් බදාගෙන අඩන්න ගත්තේ මිහිල්‍ය එයාට බැන්න විදියට ... මේ වෙනකන් කිසිම කෙනෙක් ශාන්ට මේ විදියට දරුණු වාග් ප්‍රහාර එල්ල කරලා නැති බව සිහි කර කර ම අඩන්න ගත්තේ ආයෙ මිහිල්‍ය ගෙ මූනවත් ඔහුට බලන්න ඔන්නෑ කියන විශ්වාසයෙන්...
" එ..එයා...කෝමද...ඒම කියන්...නේ..මම..යෑ...එයා හිටියේ ...හින්...දනේ..ආවේ..."
තවත් විනාඩි ගානකට පස්සෙ දොරට තට්ටු කරන සද්දයක් නිසා ... කදුලු පිහදාන් දොර දිහා බැලුවේ , අම්මා වෙන්න ඇයි කියල හිතාගෙන...
ශාන් පිලිතුරක් දෙන්නට කලියෙන්ම දොර විවර කරන් ආවේ එයා දකින්න බලාපොරොත්තු උන රූපයක් නම් නෙවෙයි ...
" මි...මිහිල්‍ය "
ඇදේ ඉන්න ශාන් දිහා බලලා ඇවිදන් ආව මිහිල්‍ය ,
" මට සමාවෙන්න "
ශාන් දිහා බලල කිව්වේ තවත් ශාන් ගෙ ඇස් වල කදුලු පිරෙද්දි.
" මටෝන්නෑ "
ඇදේ ඉදගෙනම ගස්සලා අහක බලා ගත්තු ශාන් , දිහා බලලා පොඩි හිනාවක් මිහිල්‍ය ගෙ දෙතොල් අතර රැදෙද්දි ,
" ඇයි එහ් "
ශාන් ගෙ එහා පැත්තෙන් ඉදගනිමින් මිහිල්‍ය කීය.
" මටෝන්නැති හින්දා "
" හ්ම් "
" මම තව දවස් දෙකෙන් කෝමත් යනෝ..ආයෙ එන්නෑ... "
ශාන් එහෙම කියද්දි මිහිල්‍ය ගෙ මුහුනේ යම් වෙනසක් සිද්ද උන වග නම් ශාන් දැක්කෙ නෑ...
" ආහ් එහෙමද ? "
" ම්හුක් "
" කමක්නෑ එහෙනන් ... සමාවෙන්න මම කතා කරපු විදියට ... මට තරහා ගියේ .. ඔයා අනවශ්‍ය දේවල් වලට මැදිහත් වෙන්න ගිහින් ඔයාගෙ ජීවිතේ අනතුරෙ දාගන්න එකට ... තේරුනාද ? "
ඒ කතාවට මිහිල්‍ය දිහාට හැරුන ශාන්..
" ඇයි එහ්...මගෙ ජීවිතේ අනතුරෙ වැටෙන්නෙ...අනික මම ඒ ලෝටස් හව්ස් එකට මෙතනින් පාරක් තියෙනො කියලා දන්නෑ...අනික මම අවෙ ඔයා පස්සෙ..."
YOU ARE READING
😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fate
Fanfiction" කවුද ඔයා ? " 👀👣 " එ මුද්ද උබේ නෙවෙයි ... ගලවපන්..." 👣 [ YiZhan]