¥ 𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 1 ¥

96 5 8
                                    

"හ්යොන්ග්....."


"බෑ කිව්ව නේ සැරයක්..."


"මේ බලන්නකෝ මේ නූනා.. එයා නං ගොඩාක් ලස්සනයි නේද කුක්කෝ? හ්යොන්ග්... "


"බෑ.. බෑ... බෑ..... බෑ කිව්වොත් බෑම තමයි. යාහ්.. කිම් ටේහ්යොන්ග්... සෝස් පෑන් එකත් ගාණටම රත් වෙලා තියෙන වෙලාවේ මට කියලා තමුසෙගේ පස්ස පැත්තේ හංවඩුවක් ගහන්නැතුව ස්කූල් යනවා... යකෝ මුන් ස්කූල් යන්නේ බ්‍රෝකර් වැඩ කරන්න ද? තමුසෙටත් එක්ක කිව්වේ ජියෝන් ජන්කුක්.... ඉක්මනට කාලා ස්කූල් යනවා... උදේ පාන්දර මගේ කට අවුස්ස ගන්නැතුව."

කිචන් එකේ ඉඳන් බෙරිහන් දීපු ජින් දුම් දාන භාජනයක් අත් දෙකෙන්ම අරගෙන කෑම මේසේට ආවේ එතන ඉඳන් මොනාද එබීගෙන බල බල ඉන්න ටේකුක් දෙන්නා දිහා කන්න වගේ බලලා.


"මෙහේ දෙනවා ඕවා. පොඩි උන් ගාව කෙල්ලොන්ගේ ෆොටෝ තියාගෙන ඉඳලා අහුවුනොත් ඊට පස්සේ පලයංකෝ ප්‍රින්සිපල් හම්බෙන්න. මට වෙන වැඩක් නෑ නේ.. යාහ්... චූටී... කොහෙන්ද මේවා මේ තමුසෙලා දෙන්නා හොයාගෙන එන්නේ ආහ්?"

ටේහ්යොන්ග් අතේ තිබ්බ ෆොටෝ මිටිය උදුරලා ගත්තූ ජින් කටත් ඇද කරගෙන ඕනේවට එපාවට වගේ ඒවා උඩින් පල්ලෙන් බල බල ඉද්දී ටේකුක් දෙන්නා මහා කුපාඩි හිනාවකුත් දාලා ජින් දිහා බැලුවේ කෑම කන අස්සෙමයි.


"හ්යොන්ග්... ඔය අපේ සෙක්ශන් එකේ අපේ යාලුවන්ගේ නූනලා. සමහරු දන්න අය. හ්යොන්ග්... නිකමට බලන්නකෝ ඒ අය දිහා.. බැරිවෙලාවත් හ්යොන්ගේ හිත...."


"හහ්..හා.... හිත ගියොත් නේද? වශී උනොත් මළ කෙලියයි නේ නේද? අනේ මේ කිම් ටේහ්යොන්ග්... මගෙ යකා අවුස්සගන්නැතුව මට මනමාලියෝ හොයන එක නතර කරලා තමුසේගේ වැඩක් බලාගන්නවා ද? දැන් එච්චරයි අඩු."

ජින් එක අතකින් ෆොටෝ ටිකත් වන වන අනික් අත ඉනේ ගහගෙන ගිගිරුවේ මූන් ලා හිනාවක් දාගෙන එතනට එද්දී.


"ටේහ්යොන්ග් මගුල් කපුතුමා අදත් ප්‍රොපෝසල් සෙට් එකක් ගෙනැත් ද?"

SARANGHE NEHA || KTH || COMPLETED ||Where stories live. Discover now