මේ විදිහට මාසයක් ගත වුණා. මින්හී ඇඟේ අමාරූ තියාගෙනම ගෙදර ආපු මුල් දවස්වල අමාරුවෙන් එයාගේ වැඩ ටික කරගත්තේ නේහාට කරදර නොකරමයි. හැමදාම වගේ මූන් ඇවිත් නේහාව කොලේජ් ගෙනියන්න උදේට ආපු නිසා මින්හීට ඒක ලොකු උදව්වක් වගේම එක්තරා පැත්තකින් ඒකෙන් මින්හීගේ හිත සෑහෙන්න පෑරෙන්න ගත්තා. එයාට ඒ දේට එපා කියන්න හෝ කරදර වෙන්න එපා කියන්නවත් හයියක් නැති තැන එයා කරබාගෙන හිටියේ පිටතින් කෙසේ වෙතත් ඇතුළින් නං ගිනි කන්දක් ඇතුළේ බැහැලා ඉන්නවා වගේ එයාට දැනෙද්දී. නේහා නිසාම බොරුවට හිනාවෙලා ඉන්න සිද්ද වෙච්චී නිසාම මින්හී ඒ මාසේම හිටියේ මැරුණු කෙනෙක් ගාණට.
"ඔන්නී....... මං ආවා.."
මූන් එක්ක ඩොක්ටර් ගාවට ගියපු නේහා සාලේ ඉඳන් කෑගැහුවේ එයාගේ කටහඬට මින්හී හිනාවක් දාගෙන එයාලා ගාවට එද්දී.
"ඕහ්... ඔයාලා ආවද දෝණි.? එන්නකෝ ඇතුළට... මූන් ඔප්පා එන්නකෝ ඇතුළට.... මං බොන්න මොනාහරි හදාගෙනම එන්නම් විස්තරේ අහගන්න..."
එහෙම කියාගෙනම මින්හී කිචන් එකට දුවද්දී නේහා මූන්ගේ ඇඟේ එල්ලිලාම ගේ ඇතුළට ආවේ හිනා වෙවී.
"ඔප්පා.... ඔන්නී ඒක දැනගත්තාම එයාට ගොඩාක් සතුටු හිතෙයි නේද?"
සැටියේ වාඩි වෙච්චී නේහා මූන්වත් බදාගෙන එහෙම අහද්දී මූන් හිනා වෙලා ඔලුව වැනුවේ නේහාගේ ඔලුවත් අත ගාන ගමන්.
"හ්ම්ම්.... ඔන්නී තමයි ගොඩාක්ම සතුටු වෙන්නේ ප්‍රින්සස්..."
"මොනාද මොනාද? ආහ්? මං මොනා දැනගත්තාම ද සතුටු වෙන්නේ?"
ඒක ලාවට ඇහිලා එතනට බීම වීදුරු දෙකක් උස්සගෙන ආපු මින්හී ලා හිනාවක් දාලා එහෙම අහද්දී නේහා හිනා වෙලා මූන් දිහාවට ඔලුව හැරෙව්වේ මූන් හිනාවෙලා ආපිට නේහා දිහා බලද්දී.
"ඔන්න මං කියනවා ප්‍රින්සස්"
"ඔප්පා කියන්න"
"මින්හියා.... ලබන සතියේ එයාගෙ අන්තිම ඩෝස් එක තියෙන්නේ. එයාගෙ පෙනීම එන්න එන්නම හොඳ අතට හැරීගෙන එනවා කියලා ඩොක්ටර් කිව්වා. එයාගේ ඇස් දෙක වටේ තියෙන මේ බැන්ඩේජ් එක ගලවන්න එපා කිව්වා ලබන සතිය වෙනකල්."
YOU ARE READING
SARANGHE NEHA || KTH || COMPLETED ||
Fanfiction| මට... මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අන්තිමට එයා ආවා. අවුරුදු 15කට පස්සේ එයාව අපිට හම්බවුණා. බොඳ වෙච්චී මතකයක් වුණු මගේ පළවෙනි ආදරේ මං අන්තිමට හොයාගත්තා | මේක ' My Hyung is not a Coward ' කතාවේ Season 2 කියලා කියන්නම් .