¥ 𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 9 ¥

25 5 4
                                    

"මූන්... හ්..හ්යොන්ග්???????"


"ඒක ඇත්ත පොඩ්ඩෝ...."

ජින් හිනා වෙවී කියද්දී ටේහ්යොන්ග් එක දිගටම හයියෙන්ම හිනා වුණේ එයාට දැනුනූ ලොකූම ලොකු සතුටට.


"යාහ්... මේ මොකද බං මේ...? ඔය පිස්සුවෙන් හිනා වෙන එක නවත්තනවා. අහල පහළ මිනිස්සු බය වෙලා මෙතනට දුවගෙන එයි"

ජින් එහෙම කියලා පුදුමයෙන් වගේම බයෙන් ටේහ්යොන්ග් දිහා බලාගෙන එහෙම කිව්වේ එකපාරටම ටේහ්යොන්ගෙන් එළිය පැන්න මේ රිඇක්ට් එක තේරුම් ගන්න බැරුව.


"අනේ... හ්යොන්ග්.... ඒක ඇත්ත ද අනේ?  එයා.. මගෙ නේහා ද? මං පොඩි කාලේ සෙල්ලම් කරපු බෝලේ ඒ නේහාමද? මූන් හ්යොන්ග්.... ඔයාගේ ප්‍රින්සස් ද ඒ? ඒ නිසාද හ්යොන්ග් ඔයා.. නේහාට ප්‍රින්සස් කියලා කතා කරේ?"

ටේහ්යොන්ග් මූන් ගේ ඔඩොක්කුවට පැනලා කළබලෙන් එහෙම අහද්දී එයාට සතුටටම කඳුළු ඇවිත් තිබ්බා.


"හ්ම්ම්.... එයා තමයි චුට්ටෝ..."


"අනේ මට මාරම සතුටුයි හ්යොන්ග්. අන්තිමේදී එයා ආවා.. එයා ආවා. එයාව මෙහෙ එක්කගෙන එන්නේ නැද්ද මූන් හ්යොන්ග්?"


"මං දන්නැ ටේ"

මූන් එහෙම කියලා බිම බලාගද්දී ටේහ්යොන්ගේ හිනාව එහෙම්මම අතුරුදහන් වෙලා ගියා.


"එතකොට.... එතකොට... මින්හී නූනාට මොකද වෙන්නේ හ්යොන්ග්? එයා.. එයා තනිවෙයි නේ ආයෙම..."

ටේහ්යොන්ග් දුකින් එහෙම කියලා හ්යොන්ග්ලා දෙන්නා දිහා බැලුවාම ඒ දෙන්නාත් මූණට මූණ බලලා ලොකු හුස්මක් පාත දැම්මා.


"අපි තීරණේ කරා ඒක නේහාට නොකියා ඉන්න චුට්ටෝ. මින්හී ගැන හිතලාමයි එහෙම කරන්න හිතුවේ. ඔයාලා එක්ක සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්නවා වගේ පෙන්නුවට චෑම්ප්.... එයා ඉන්නේ වැටෙන්න පුලුවන් උපරිමේ වැටිලා. නූනා ඕක දැනගත්ත දවසේ ඉඳන් ඉන්නේ සෑහෙන දුකින්. ඒ නේහාගේ පවුලේ කෙනෙක් හම්බෙච්චී එකට නෙමෙයි ටේ... නේහාව දෙන්න බැරිකමට. නූනා ඔයාට ආදරේ තරම පේනවා නේ. ඒවගේමයි එයා නේහාට ආදරේ. මාත් එහෙමනෙ චූටී.. මගෙන් ඇවිත් කවුරුහරි ඔයාව ඉල්ලුවොත් මං දෙනවා ද එයාට ඔයාව? අන්න ඒ වගෙයි එයාත්."

SARANGHE NEHA || KTH || COMPLETED ||Where stories live. Discover now