¥ 𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 12 ¥

28 4 0
                                    

"මූන් අපි යං. එයා අපි එක්ක එනවා. මං ඩොක්ටර්ව හම්බවෙලා එන්නම්."

ජින් සතුටෙන් එහෙම කියලා එතනින් නැගිටලා ගියේ මින්හීගේ ඔලුවත් ඉබින ගමන්.


"නූනා මැණික.... අනේ මට නං හරිම සතුටුයි. අපි ඔක්කොටම දැන් එකටම ඉන්න පුලුවන්. ව්හා.... නේහා.... තමුසේ මාරම ලකී කෙල්ලෙක්නේ හලෝ බලනවකෝ. ඔයාට ඔම්මා වගේ ඉන්න නූනාවත් ලැබුණා, අප්පා වගේ ඉන්න හ්යොන්ග්වත් ලැබුණා. ලව් එකත් ලැබුණා. තව මොනාද කෙනෙක්ට ඕනේ?"

ජන්කුක් එහෙම කියලා නේහාගේ කරෙන් අත දාලා හිනා වෙද්දී නේහාත් සතුටු කඳුළු පුරෝගෙන ජන්කුක්ට හේත්තු වෙලා ටේහී දෙන්නා දිහා ආදරෙන් බලාගෙන හිටියා.


"ඒක නං ඇත්ත කුකී. ඔන්නී... මං තමයි මෙ ලෝකේ ඉන්න් ලකීම කෙල්ල දන්නවා ද?"

නේහාත් කඳුළු අස්සෙන්ම හිනා වෙලා මින්හී දිහා බැලුවාම මින්හීත් එයාගේ රතු වෙච්චී ඇස් දෙකෙන් නේහා දිහා බලාගෙන හිටියේ එයාගේ මූණේ ලා හිනාවක් ඇඳෙද්දී.


"සරන්ග්හේ නූනා... මං ඔයාට ගොඩාක් ආදරෙයි"

එහෙම කියපු ටේහ්යොන්ග් මින්හිගේ කම්මුල් දෙකටම ලොකූ කිස් දෙකක් දුන්නේ එයගේ ඉස්සරහින් දණ ගහගෙන එයාගේ කම්මුල් දෙක හිමීට පිහදාද්දී.


"මාත් රත්තරං...."


"ඒ කොච්චරක් ද?"


"අ..අහසේ... තරු කො..ච්චරක් ද... එච්චරක්... පොළොවේ වැලි කැට... කොච්..චරක් ද.. එච්චරක්..."

මින්හී එහෙම කියද්දීම ටේහ්යොන්ග් මින්හී ගාවට පැනලා එයාගේ බෙල්ල බදාගෙන එයාගෙ උරිස්සේ ඔලුව තියාගත්තේ ලොකූ සැහැල්ලූ හුස්මක් කටෙන් පිටවෙද්දී.


"නූනා.... මං ගොඩාක් ලකී නූනා වගේ කෙනෙක් මට ලැබුණ එකට නූනා. මට ඔම්මයි අප්පයි දෙන්නම ඉන්නවා දැන්. මං කවදාවත් ඔයාව දාලා යන්නෑ නූනා. මගේ එකම ආදරේ පල්ලා මං දිවුරනවා... නූනාව මං පරිස්සමින් බලාගන්නවා... "

SARANGHE NEHA || KTH || COMPLETED ||Onde histórias criam vida. Descubra agora