සැහැල්ලූ කතා බහා අස්සේම එයාලා ප්රොජෙක්ට් එකේ වැඩ ටික කරගෙන ගියේ දන්නෙම නැතුව පැය ගාණක් ම ගෙවිලා යද්දී. ඒ අතරේ ජින් හැමෝටම හරියන්න එක එක ජාතියේ කෑම, ස්නැක් වගේම බීමත් සැරින් සැරේ ගෙනාවේ පොඩි තුන් දෙනාට උදව්වක් විදිහට. ටේකුක් දෙන්නා වැඩ කරන අස්සේ ජින් නේහා එක්ක ගොඩාක් හිතවත් වුනේ ජින්ගේ වගේම නේහාගේ සැහැල්ලු කතාව දෙන්නටම අඳුරගන්න පහසුවක් වුනු නිසා.
"ඔප්පට මං හින්දා වදේ නේද? අද නිවාඩු දවසේ දෙයියනෙ කියලා නිදහසේ තියෙන වෙලාවනේ ඔප්පා මේ කරදර වෙන්නේ."
"අනේ මට මොන කරදරයක් ද නේහා? එහෙම හිතන්න එපා. මගෙ මල්ලිගෙ යාලුවෝ මගෙත් නංගිලා මල්ලිලා තමයි."
එහෙම කියපු ජින් නේහා ගේ ඔලුවෙන් අත තියල හිනා වුනේ ආසාවෙන්.
"ඉතින් නේහා...අපේ එකා කොලේජ් එකේදී ඔයාට වද දෙනවා ද?"
"අනේ නැ ඔප්පා. ටේ දඟ කරන්නෑ. හැබැයි සමහර දවස් වලට කොල්ලෝ එක්ක ගහන්න යනවා ද මංදා"
නේහා එහෙම කියලා හිනාව කා ගද්දි ජින් ටේහ්යොන්ග් දිහා කන්න වගෙ බැලුවෙත් ටේහ්යොන්ග් ජින් දිහා බයවෙලා වගේ බැලුවෙත් එකටමයි.
"අනේ මේකිගෙ බොරු හ්යොන්ග්. යාහ්.. නේහා.... තමුසෙ බොරු කියලා මෙතන හ්යොන්ග්ව අවුස්සන්න එන්න එපා. හුම්ම්...."
"එතකොට අර.. ඔයාලගේ පස්සෙන් එන කෙල්ලෝ මොනාද කියෝ කියෝ යන්නේ ළමයෝ?"
නේහා එක ඇහිබැමක් උස්සලා එහෙම අහද්දී ටේහ්යොන්ග් ලොකු කෙළ ගුලියක් ගිල්ලේ ජන්කුක් ඉක්මනට පොතට එබිලා ඉක්මනට ඉක්මනට ලියාගෙන යද්දී.
"උන්ට පිස්සූ"
"ඈ චූටී... කෙල්ලෝ කීයක් වගෙ පස්සෙන් එනවා ද?"
ජින් කට කොනකට හිනාවක් දාලා එහෙම අහද්දි ටේහ්යොන්ග් තොලකුත් හපාගෙන ජන්කුක් දිහා බැලුවාම ජන්කුක් යන්තන් ඇස් දෙක උස්සලා කුපාඩි හිනාවක් දාලා ආයෙම පොතේ මූණ ඔබාගත්තා.
YOU ARE READING
SARANGHE NEHA || KTH || COMPLETED ||
Fanfiction| මට... මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අන්තිමට එයා ආවා. අවුරුදු 15කට පස්සේ එයාව අපිට හම්බවුණා. බොඳ වෙච්චී මතකයක් වුණු මගේ පළවෙනි ආදරේ මං අන්තිමට හොයාගත්තා | මේක ' My Hyung is not a Coward ' කතාවේ Season 2 කියලා කියන්නම් .