¥ 𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 4 ¥

24 5 0
                                    

රෑ බෝ වෙලා ආපහු හැමෝම ජින්ගේ ගෙදර එද්දී ජින් නළලත් රැළි කරගෙන බෙල්ල දික් කරගෙන බලාගෙන හිටියේ තාමත් අන්ධකාරෙ ගිලිලා තියෙන ගෙදර දිහා.


"අජුම්මා.... ගිහින් ද? ලයිට්ස් දාලාත් නෑ නේ. අපි එනකල් ඉන්නවා කියලා කිව්වා නේද?"

රෝලර් ඩෝ එක හිමීට ඇරෙද්දී ජින් වාහනේ ඇතුළට දැම්මේ පැසෙන්ජර් සීට් එකෙ හිටිය මූන් දිහාත් බලලා එහෙම කියන ගමන්.


"නේහාව දාලා යන්නෑ නේ එයා. නින්ද ගිහින් ද දන්නෑ?"

මූන් එහෙම කියල වාහනෙ දොරත් ඇරගෙන එළියට බහිද්දී ජිනුත් ඉක්මනට එළියට බැහැලා දුවලා ගිහින් දොර ඇරලා ස්විච් සේරම දාගෙන දාගෙන ගිහින් වට පිට බලද්දි එයාව ගැස්සුනේ සැටිය උඩ වාඩි වෙලා හිනාවක් නැති මූණකින් ඉස්සරහ බලාගෙන ඉන්න මින්හීව.


"අජුම්මා....."

ජින් එහෙම කියද්දී ලොකූ හුස්මක් පාත දැම්ම මින්හී ඔලුව උස්සලා එයාට බොරු හිනාවක් දැම්මා.


"ආහ්.. ඔයාලා ආවාද?"


"මොකද කළුවරේ හිටියේ? ලයිට්ස් දාගන්න දන්නැද්ද?"

ජින් එහෙම කියලා මින්හී ගාවට යද්දී එය මොකුත්ම නොකියා බිම බලාගත්තා.


"මගේ කිචන් එක වැනසුවා ද ආහ්?"

ජින් එහෙම කියලා කුස්සිය දිහාවට බෙල්ල දික් කරලා බලද්දී මින්හී එහෙම්මම ඉඳන් ඔලුව වැනුවා.


"මං ඒ පැත්තට ගියේ නෑ අජුශ්ශී..."

මින්හී එහෙම කියල ඉවර වෙද්දිම වගේ අනික් අයත් ගෙට ගොඩ වුනා. එ නිසාම මෙච්චර වෙලා එයා හිටිය මැළවුණු මූණ වෙනුවට බොරු හිනාවක් මවාගත්තූ මූණක් මවාගන්න මින්හීට සිද්ධ වුනා.


"ඕහ්.. නූනා..... අපි හිතුවා ගෙදර ලයිට්ස් දාලා නැති නිසාම නූනා ගිහින්වත් ද කියලා"

ටේහ්යොන්ග් එහෙම අහගෙනම දුවගෙන ඇවිත් මින්හීට තුරුළු වුණාම මින්හී එයාගේ ඔලුව උඩ එයාගෙ මූණ තියාගෙන එයාව බදාගෙන ටිකක් වෙලා හිටියා.

SARANGHE NEHA || KTH || COMPLETED ||Donde viven las historias. Descúbrelo ahora