කිව්වා වගේම විනාඩියක් දෙකක් යන්න කලින්ම මින්හී එතනට දුවගෙන ආවේ මොනාද බඩු ටිකක් උස්සගෙන. එයා ආපු ගමන්ම තුන් දෙනාවත් ඇදගෙන වත්ත කෙළවරටම දුවගෙන ගියේ පිටිපස්සත් බලන ගමන්.
"නූනා... හහ්.. නූනා... මොනා ගේන්නද ගියේ?"
ටේහ්යොන්ග් එහෙම අහද්දී ජන්කුක් කෝට් එකෙන් එළියට ඇවිත් ඉක්මනට ඒ බඩු චෙක් කරා.
"ඒ බං... මේ අර ඉස්සර උඹ සෙල්ලම් කරන ටෙන්ට් එක නේද? මේක තාම හොඳට තියෙනවානේ.."
ජන්කුක් හිනා වෙලා ටේහ්යොන්ග් දිහා බලලා එහෙම කියද්දී ටේහ්යොන්ග්නුත් පුදුමයෙන් ඒක දිහා බලාගෙන හිටියේ හිනා වෙවී.
"ඔව් ඒ වගේම ඒකේ ඇතුළේ ඔයාලට කිසිම ප්රශ්නයක් නැතුව ඉන්නත් පුලුවන්. ටන්න ටා... දැක්ක ද මට හම්බෙච්චී දේ..."
මින්හී එහෙම කියලා මෙච්චර වෙලා හංගගෙන් හිටිය පොඩි ස්ටෑන්ඩ් හීටර් එකක් පෙන්නුවා.
"ව්හා... නූනා.. ඔයා නං සුපිරියක් ඈ. හ්යොන්ග් දැක්කේ නැද්ද නූනා මේවා ගේද්දී?"
ජන්කුක් කෑගහගෙනම මින්හීගේ බෙල්ල බදාගෙන හිනා වෙද්දී මින්හී ඔලුව දෙපැත්තට වැනුවා.
"ඇතුළෙන් ලොක් කරාට ස්ටෝ රූම් එක තියෙන්නෙ එළියෙනේ. කොහොම ද කෙල්ලගේ වැඩ. හහ්.. හිතේ ඇති අපිට දඬුවම් දෙන්න... හහ්... කෝ අපි ඉක්මනට මේක හදාගමු."
මින්හී ගැම්මට එහෙම කියලා ටෙන්ට් එක දිග අරිද්දී අනික් අයත් ඒකට උදව් කරපු නිසා විනාඩියක් යන්න කලින්ම ඒක කරගන්න එයාලට පුලුවන් වුණා. ඒත් ඒක ඇතුලේ ඉන්න ඉඩ තිබ්බෙ තුන් දෙනාටයි. ඒක දැකලා ටේකුක් දෙන්නා මූණට මූණ බලගනිද්දී මින්හී ඒ දෙන්නාව ඇතුළටම තල්ලු කරා.
"අනේ නූනා... මේ..."
"ඔන්නී..... එතකොට ඔන්නී සීතලේ ඉන්නේ කොහොමද?"
නේහාවත් ඇතුළට තල්ලු කරපු මින්හී එයාලගෙ කකුල් ගාවින් තියලා හීටර් එක ඔන් කරද්දී නේහා එහෙම ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන මින්හී දිහා බලලා.
STAI LEGGENDO
SARANGHE NEHA || KTH || COMPLETED ||
Fanfiction| මට... මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අන්තිමට එයා ආවා. අවුරුදු 15කට පස්සේ එයාව අපිට හම්බවුණා. බොඳ වෙච්චී මතකයක් වුණු මගේ පළවෙනි ආදරේ මං අන්තිමට හොයාගත්තා | මේක ' My Hyung is not a Coward ' කතාවේ Season 2 කියලා කියන්නම් .