"යෝ... ටෙයියා..... වරෙන්කෝ.... සෙල්ෆියක් ගන්න.... ඔහ්.. මෙයාලා කවුද? උඹලාට ඩිස්ට[ර්]බ් කරාද මං?"
ජන්කුක් ඈත ඉඳන්ම ෆෝන් එකත් උස්සගෙන ඒ පැත්තට දුවගෙන ඇවිත් ටේහා දෙන්නා ගාව නැවතිලා එහෙම අහද්දී ටේහ්යොන්ග් හිනාවක් දාලා ජන්කුක් දිහා බැලුවා.
"පිස්සුද බං. මෙයාලා කවුද කොහෙන් පාත් වුණාද අදාල කරගන්න එපා මැණික... අපිට වැඩකුත් නෑ එයාලගෙන්. වරෙන් අපි සෙල්ෆී ගන්න යං... මාර කුණු ගඳයි මේ හරිය..."
ටේහ්යොන්ග් මූණත් අකුලගෙන එහෙම එහෙම කියලා එතනින් එහාට අඩියක් දෙකක් තිබ්බේ ජන්කුක් නේහාවත් මැද්දට අරගෙන එහෙන් මෙහෙන් සෙල්ෆී ගද්දී.
"නේහා.. තමුසේ මාරම කියුට් නේ?"
ජන්කුක් එහෙම කියල නේහාගේ කරෙන් අතක් දාගෙන ෆෝන් එක ඔබද්දී නේහාත් හිනා වෙවී ජන්කුක්ගේ ෆෝන් එකට එබුනා.
"කුමාවෝ මගේ හා පැටියෝ."
"හහ්... පේනවා ද එයා අනිත් කෙනා එක්ක ඉන්න හැටි? ටේහ්යොන්ග් ඔයාට පේන්නැද්ද ඔයාගේ යෝජා චින් කියන කෙල්ල ඔයාගෙ යාළුවගේ ඇඟේ ඉන්නේ. මං හිතන්නේ මේ දුප්පත් කෙල්ලොන්ගෙ හැටි ඔහොම වෙන්නැති. අනාථ කෙල්ලෝ නිසා ඇහැට කණට පේන ලස්සන ඕන කොල්ලෙක් දැක්ක ගමන් එයාලව කොහොමහරි දැලේ දාගන්නමයි හදන්නේ"
හේයුල් ආයෙම එහෙම කියලා නේහා දිහා කට ඇද කරලා බලද්දී ටේකුක්හා තුන් දෙනාම එකපාරම එයාලා ඉන්න පැත්තට හැරුනේ ඉන්න විදිහටමයි.
"මොකද්ද දැන් තමුසේ කියන්නේ? කවුද අනාථ? ඒ බං මොක්කුද බං මේ දෙකයි පනහෙ හාල් කෑලී?"
ජන්කුක් ඒ කෙල්ලෝන්ගේ උඩ ඉඳන් යටටම බැලුවේ අප්පිරියාවෙන් බලලා විතරක් නෙමෙයි කට කොණකින් නෝණ්ඩි හිනාවක් දාගෙන.
"මේ මිස්ටර් ඔයා අපිට හරියට කතා කරන්න තේරුණා ද? අපේ අප්පලා මිස්ටර් සොක්ජින්ගේ..."
"අනේ මේ තොපේ අප්පලාගේ පම්පෝරිය රෝල් කරලා ගහගනින්......"
YOU ARE READING
SARANGHE NEHA || KTH || COMPLETED ||
Fanfiction| මට... මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අන්තිමට එයා ආවා. අවුරුදු 15කට පස්සේ එයාව අපිට හම්බවුණා. බොඳ වෙච්චී මතකයක් වුණු මගේ පළවෙනි ආදරේ මං අන්තිමට හොයාගත්තා | මේක ' My Hyung is not a Coward ' කතාවේ Season 2 කියලා කියන්නම් .