"මූන් හ්යොන්ග්...."
ටික වෙලාවකින් ජන්කුක් එයාලගෙ ගෙදරට ගියාට පස්සේ ටේහ්යොන්ග් හිමීට ඇවිදගෙන ආවේ ගාඩ්න් එකේ ඉන්න මූන්හා දෙන්නා ගාවට. මූන් ගාවට ආපු ටේහ්යොන්ග් එයාගේ එහා පැත්තෙන් වාඩි වෙද්දී මූන් ඒ දෙන්නාම එකටම තුරුළු කරගත්තේ බෙන්ච් එකෙ පස්සට හේත්තු වෙලා.
"ඔන්න චුට්ටෝ ඔයාගේ නේහාත් අද ඉඳන් අපි එක්කමයි ඉන්නේ. සතුටු ද?"
"හ්ම්ම්... ගොඩාක් හ්යොන්ග්. මේ.... හ්යොන්ග්... ඔයා... මාත් එක්ක තරහයි ද මං...නේහාට...."
නේහා දිහ බලලා හිනා වෙලා එහෙම කියපු ටේහ්යොන්ග් අන්තිම් ටික කිව්වේ මූන් දිහා ඇස් දෙක උස්සලා බලන ගමන්.
"ආදරේ කරන එකට? මං මොකටද චෑම්ප් ඔය දෙන්නා එක්ක තරහා වෙන්නේ? ආදරේ කියන්නේ වැරැද්දක් නෙමෙයි පොඩ්ඩෝ. මගේ වටිනම වස්තු දෙක ඔය දෙන්නා. ඉතින් මගේ නංගීයි මල්ලීයි සතුටින් ඉන්නවා නං ඒක තමයි චුට්ටෝ මගෙත් සතුට."
මූන් එහෙම කිව්වේ ටේහ්යොන්ගේ ඔලුවත් ඉබින ගමන්.
"ඔප්පා... ඔන්නී මට ඊයේ රෑයි ඔප්පා ගැන මට කිව්වේ. මට ඇත්තටම සතුටු වුණා මං මෙච්චර ආදරේ මූන් ඔප්පාම මගේ නැති වුණ ඔප්පම වෙච්චි එකට නං. ඒත් ඔන්නී දුකින් ඉන්නවා ඇති නේද ඔප්පා. එයා මං එක්ක හිනා වෙලා වගේ හිටියාට මං දැක්කා එයාගේ ඇස් දෙකේ ලොකූ වේදනාවක්."
නේහා දුකින් එහෙම කිව්වේ මූන්ගේ පපුවේ ඔලුව තියාගෙන.
"මින්හියා වගේ ඔන්නී කෙනෙක් ඔයාට ලැබුණේ නේහා ඔයාගේම වාසනාවට. වෙන කෙනෙක් නං කීයටවත් ඔයාව මට දෙන්නෑ නේ. ඒත් එයා ඔයාව මට දුන්නා ප්රින්සස්. එයා කරේ ලොකූ කැපකිරීමක්. එයාට ඕනෙ නං තිබ්බා නේ මේ දේ දිගටම ඔයාගෙන් රහසක් විදිහට තියාගෙන ඉන්න නේද? එයා එහෙම කරේ නෑ නේ. ඔයාගේ ඔන්නී ගැන ලොකූ ගෞරවයක් මගේ හිතේ තියෙනවා ප්රින්සස්. එයා පරිස්සමෙන් ගිහින් ආයේ එයි."
"මගේ ඔන්නී අමුතුම වෙනස් කෙනෙක් ඔප්පා. එයා හැමවෙලේම දුක එයාගෙ පැත්තේ තියාගෙන සතුට මට දෙනවා. එයා ඉස්සර ඉඳන්ම කරේ ඒකනේ."
YOU ARE READING
SARANGHE NEHA || KTH || COMPLETED ||
Fanfiction| මට... මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අන්තිමට එයා ආවා. අවුරුදු 15කට පස්සේ එයාව අපිට හම්බවුණා. බොඳ වෙච්චී මතකයක් වුණු මගේ පළවෙනි ආදරේ මං අන්තිමට හොයාගත්තා | මේක ' My Hyung is not a Coward ' කතාවේ Season 2 කියලා කියන්නම් .