¥ 𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 14 ¥

27 4 2
                                    

"හ්ම්ම්.... ඒක හොඳයි. මේක ඉවර කරලා දාමු."

"දේ... අරස්සෝ..."

"එයාට මාව සැක නිසා ඉක්මං කරන්න..."

මින්හී එහෙම කියල ෆෝන් එක තියද්දී ඇස් දෙක පිහදගත්තු ජින් අනික් පැත්ත හැරිලා රූම් එකට යද්දී මෙච්චර වෙලා අනික් පැත්ත බලාගෙන හිටිය මින්හී අනික් පැත්ත හැරිලා එයා යන දිහා බලාගෙන හිටියේ දුකින්. ජින් මින්හිට පේන්නැති වෙන්න හැංගිලා අහං හිටියා විණාට මින්හී එයාගේ ඉස්සරහින් තිබ්බ දිලිසෙන වීදුරුවෙන් මින්හී එයාව දැක්කා කියලා ජින් දැනගෙන හිටියේ නෑ.


හිතේ අමාරුවටත් එක්කම දවල් වෙද්දී ඔෆිස් එකට ගියපු ජින් පුටුවේ පැද්දි පැද්දී කල්පනා කරේ මින්හි ගැන. එයා වෙලාවකට පුටුවෙන් නැගිටගෙන එහා මෙහා ඇවිදින ගමන් කල්පනා කරත් එයාට තේරුම් ගන්න බැරි වුණ මින්හී මොනාද කරන්න යන්නේ කියලා. ඒ වගේම එයාගේ කන්දෙකට ඇහිච්ච දේවලුත් එයාගේ ඔලුව වටේ කැරකෙන්න ගත්තා. 


"ආයිශ්.. මට පිස්සු වගේ..... මොකද කරන්නේ? ඒකි දන්නවා... මං ඒකිව සැක කරනවා කියලා... මොකද කරන්නේ..... මූන්ට කතා කරනවා...."

එහෙම කිතුව ජින් මූණත් දෙක කරගෙන ඉක්ම්නාට මූන්ට කෝල් එකක් අරගෙන ආයෙම ඇවිත් පුටුවෙන් වාඩි වුණේ නළලත් අත ගාගන්න ගමන්.


"ජිනා..."


"'මූන්.... මට උඹ එක්ක දෙයක් කතා කරන්න තියෙනවා... වරෙන්කෝ ඔෆිස් එකට..."


"ආහ්.. මේ.. මං අහන්න හිටියේ. උඹ මොකටද අද ඔෆිස් ගියේ? මේ ටිකේ ඕකේ කරන්න වැඩක් නෑ නේ.."


"ආයිශ්... ආවේ ගෙදර ඉන්න බැරි නිසා බං. පොඩ්ඩක් වරෙන්කෝ ඉතින්. මට මින්හි ගැන කතා කරන්න තියෙනවා..."


"ඒ පාර මොකෝ? ආයේ නාකිය කිව්වා ද? මේ පාර මොනාද ඕනේ උඹට? මිසයිලයක්? මල්ටි බැරල් එකක්? පරමාණු බෝම්බයක්..."


"විහිළු නෙමෙයි බල්ලෝ... වරෙන්කෝ... මාර අවුලෙන් බං මං ඉන්නේ"

SARANGHE NEHA || KTH || COMPLETED ||Donde viven las historias. Descúbrelo ahora