"ඔප්පා.... ඔප්පා.... කෝ ඔයාලා... ටේ....."
පඩිපෙළ දිගේ මින්හිගේ අතකුත් අල්ලගෙන පහළට එන නේහා සතුටින් එහෙම කෑගහද්දී සැටියේ ඉඳන් ශර්ට් එකෙ අතක් නමන ගමන් ටී.වී එක බල බල හිටිය මූන්, කිචන් එකේ හිටිය ජින් වගේම සපත්තු දෙක අතේ අරගත්තූ ටේහ්යොන්ග්නුත් බය වෙලා ඒ පැත්තට දුවගෙන ආවා.
"ඇයි ප්රින්සස් කෑගැහුවේ? මොකක්හරී ප්රශ්නයක් ද?"
මූන් ඇස් දෙකත් ලොකු කරගෙන නේහා ගාවට අඩියට දෙකට ගිහින් එයාට බහින්න පඩි තුන හතරක් තියෙද්දී නේහාගේ අත් දෙක යටින් අත දාලා නේහාව වඩාගෙනම එයාව සාලෙන් තිබ්බා.
"නේහා.... ඇයි? අජුම්මා.... මොකද වුණේ?"
නේහාගේ හිනා වෙන මූණ දිහායි මින්හීගේ මැළවුණු හිනාවක් නැති මූණ දිහා මාරුවෙන් මාරුවට බලපු ජින් එහෙම ඇහුවේ මොකුත් හිතාගන්න බැරුව.
"දෝණි ඔයාම කියන්නකෝ...."
මින්හී ලා හිනාවක් දාලා එහෙම කිව්වාම එයා ගාවට ඇවිත් තුරුළු වුණේ ටේහ්යොන්ග්. මින්හී එයාවත් බදාගෙනම සැටිය පැත්තට ඇවිදගෙන ගිහින් එයාව සැටියෙන් ඉන්දවලා එතනම ඇණ තියාගෙන එයාගේ අනික් කකුලට සපත්තුව දාන ගමන්.
"අනේ... නූනා... මට පුලුවන් අනේ..."
කළබල වෙච්චී ටේහ්යොන්ග් බය වෙලා වගේ එහෙම කියද්දී මින්හී ලස්සන හිනාවක් දාලා ඔලුව උස්සලා ටේහ්යොන්ග් දිහා බැලුවා.
"ඇයි පැටියෝ මං වගේ කොහෙටවත් නැති නූනා කෙනෙක් අතින් සපත්තුව දැම්මාම මගෙ කොල්ලට ලැජ්ජයි වගේද?"
"අනේ නෑ මින්හි නූනා... ඔයා කොහොමද එහෙම හිතුවේ වත්? මං නූනාට කොච්චර ආදරෙයි ද? මං මේ එහෙම කිව්වේ.... මේ...."
ටේහ්යොන්ග් අඬන්න වගේ එහෙම කියලා ජින් දිහා බලද්දී මින්හී බිම බලාගෙන හිනා වුණා.
"දාන්න කකුල මහත්තයෝ. මින්හී නූනාට මෙ පොඩි දේවත් කරන්න දෙන්නකෝ. නැත්තං ඔයාලට කොලේජ් යන්න පරක්කු වෙයි."
VOCÊ ESTÁ LENDO
SARANGHE NEHA || KTH || COMPLETED ||
Fanfic| මට... මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අන්තිමට එයා ආවා. අවුරුදු 15කට පස්සේ එයාව අපිට හම්බවුණා. බොඳ වෙච්චී මතකයක් වුණු මගේ පළවෙනි ආදරේ මං අන්තිමට හොයාගත්තා | මේක ' My Hyung is not a Coward ' කතාවේ Season 2 කියලා කියන්නම් .