¥ 𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 7 ¥

25 5 0
                                    

"මූන්.... මූන්.... පොඩි තුන අවුලක බං. මින්හී එතන ඉන්නවා. ඒත් ඒකිට කරදරයක් කියල චූටි කිව්වා. මං එතනට ලං වෙලා ඉන්නේ."

වාහනේ යන ගමන්ම මූන්ට කෝල් එකක් ගත්තූ ජින් ඉක්මනට එහෙම කියාගෙන කියාගෙන ගියේ කළබලෙන් පාර දෙපැත්තත් බලන ගමන්.


"මොකක් !!!!! අනේ එයාලා හොදින් ද බං? මාත් එන්නම් ඔහොම හිටපං."


"උඹ එන්න ඕන්නෑ. ඔතන බලාගනින්කෝ. පොඩි තුනට ප්‍රශ්නයක් නෑ මට තේරුන විදිහට. මං මොකද කියලා බලලා හදිස්සියක් උනොත් උඹට කතා කරන්නම් බං. ඕහ්... මූන් මං එයාලව දැක්කා. මං තිබ්බා."

එහෙම කියලා කෝල් එක කට් කරපු ජින් මහ සද්දෙන් ටේහා ඉස්සරහාම බ්‍රේක් පාරක් ගහලා වාහනෙන් එළියට පැනලා ඒ දෙන්නා ගාවට දුවගෙන ආවා.


"හ්..හ්යොන්ග්.. ඉක්මනට යං... කුක්කාත් දිව්වා නූනා ගාවට..."

ජින්ව දැක්ක ටේහ්යොන්ග් ඉක්මනට එයාගෙ ඇඳුමෙන් ඇදලා එහෙම් කිව්වේ නේහා අඬ අඬම ජින්ට තුරුළු වෙද්දී.


"අනේ.. ජි..ජින් ඔප්පා... මගේ... ඔන්නිව බේරගන්නකෝ.... චේබල්...."


"හරි හරි... බය වෙන්න එපා.... කෝ කොයි පැත්තෙද එන්න යං...."

එහෙම කියපු ජින් ඉක්මනට නේහාගේ අතින් ඇදගෙන ටේහ්යොන්ග් පස්සෙන් විදුලී වේගෙන් දුවද්දී නේහාත් හති දාගෙන එයා පස්සෙන් දුවගෙන ආවා.


"නූනා.... කුක්කෝ...."


"එන්න එපා චූටි මෙතනම ඉන්න."

එක තැන නතර වෙච්චී ටේහ්යොන්ග් ඇස් දෙක ලොකු කරගෙන ගල් ගැහිලා ඒ පැත්ත බලාගෙන ඉද්දී නේහාගේ අත ටේහ්යොන්ග්ට දුන්න ජින් ආපු වේගෙන්ම එතනට දුවගෙන ගිහින් ජන්කුක්ව අල්ලගෙන ගහන මැර කොල්ලෝ දෙන්නට ගැහුවේ ඒ දෙන්නා උඩින්ම ගිහින් වැටෙද්දී. ජන්කුක්ව පැත්තකට ඇදලා දාපු ජින් එයාගෙ පැත්තට දුවගෙන ආපු එක එකාට රිදෙන්නම පාරවල් ගහද්දී ජන්කුක් ලේත් පෙරාගෙන දුවගෙන ගියේ මින්හී ගාවට. බිම වැටිලා හිටිය මින්හීගේ තොල කෙළවරෙන් ලේ ගලාගෙන යද්දී එයා අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන හයියෙන් හයියෙන් හුස්ම ගත්තේ එයාගේ බඩත් අත් දෙකෙන්ම තද කරගෙන වකුටු වෙන ගමන්.

SARANGHE NEHA || KTH || COMPLETED ||Donde viven las historias. Descúbrelo ahora