¥ 𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 10 ¥

24 5 3
                                    

"ව්හෝඕඕඕඕ....... ඔන්නී.... ඔප්පා.... අනේ... අර බලන්නකෝ... ඒකේ ලොකූ....."


"නේහා... අර අර... ඒක නං කොළ පාටයි දම් පාටයි එකතු වෙච්චී එකක්..."

හං ගඟ ඉවුර දිගට හදලා තියෙන වැටට බර වෙච්චී පොඩි තුන් දෙනා ගොඩාක් ආසාවෙන් රෑ අහසම එළිය කරගෙන පුපුරන් පාට් පාට මල් වෙඩි දිහා බලාගෙන හිටියේ කියාගන්න බැරි තරම් සතුටෙන්. විශේෂයෙන්මම නේහා. ජීවිතේටම දැකලා නැතී ඒ වගේ ලස්සන දෙයක් දිහා එයා බලාගෙන හිටියේ වශී වෙලා වගේ. 


පොඩි අය එක්කම අනික් තුන් දෙනාත් මල්වෙඩි සංදර්ශනේ දිහා හිනාවෙවී බලාගෙන හිටියාට මින්හීට නං සතුටක් ගැන හිතන්නවත් විදිහක් තිබුණේ නෑ. එයා ඔලුව හරවලා බැලුවේ උතුරන තරම් සතුටෙන් උඩ පැන පැන මල්වෙඩි බලන නේහා දිහා. ඒක දැකලා එයාට සැහැල්ලූ හිනාවක් ගියේ දන්නෙම නැතුවමයි. වෙනදාටත් වැඩියෙන් අද හාට් එක බර වැඩී කියල හිතුණ මින්හී එයාලාට ටිකක් පිටිපස්සට වෙන්න තිබ්බ පඩිපෙළේ පඩියක වාඩි වෙලා අහස දිහා බලාගෙන හිටියා.


"අද දවස හිමින්ම ගෙවිලා යන්න දෙයියනේ... මොකද මගේ හුස්ම නවතින්න තව පැය 24ක්වත් නෑ. මියානේ රත්තරං. මට ඔයාට බොරු කියන්න සිද්ධ වුණාට. එහෙම නොකෙරුවා නං ඔයා මාව වැරදිකාරයෙක් කරනවා ජීවිත කාලෙටම. මින්හියා... හිනාවෙන්න.... කොහොමහරි හිනා වෙන්න.... ඔයාගේ හුස්ම දිහා බලන්න.. එයා සතුටෙන් හිනාවෙන හැටි බලන්න එයාලා ගාව... හොඳට බලන්න... ඒ නිසා... ඔයා සතුටු වෙන්න ඕනේ... ඔය අනිවාර්යයෙන්ම සතුටෙන් ඉන්න ඕනේ"

තදින්ම හිතට එහෙම කියාගත්තේ මින්හී කඳුළු අස්සෙන්ම හිනාවෙන්න ගත්තේ තනියමයි. එයා එක දිගටම ටික වෙලාවක් තනියම හිනා වුණා.


"හොඳටම පිනී බාලා ද කොහෙද නේද?"

මින්හී ඇස් දෙකේ කඳුළු හිනා වෙවීම ඇඟිල්ලෙන් පිහදාද්දී එතනට ආපු ජින් මින්හීගේ අතට රයිස් කේක් කූරක් දෙන ගමන් එහෙම කිව්වේ එයාගෙ එහා පැත්තෙන් වාඩි වෙලා.


"කාටද?"


"අජුම්මාට... වෙන කාටද? නැත්තං තනියම හිනා වෙවී ඉදී යෑ පිස්සු හැදිලා වගේ. ගොඩාක් හිනා වුණාම අඬන්න වෙනවාලූ. ඒ හින්දා බලාගෙන හිනාවෙන්නේ.."

SARANGHE NEHA || KTH || COMPLETED ||Où les histoires vivent. Découvrez maintenant