🏴‍☠️⃟༺𝐇𝐄𝐀𝐑𝐓 𝐁𝐄𝐀𝐓༻🖤⃝♡꧂ᘝᘞ PART 25(pt1)

192 23 15
                                    


පැය කට්ට කෙමෙන් කෙමෙන් දොළහේ කනිසමට ලගා වෙමින් ඉදියා ටේහ්‍යුන්ග් සහ ජන්කුක් එකිනෙකාගේ දෑත් අල්ලගෙන දොළහ කනිසම ඇසෙන තුරු එකිනෙකාගේ ඇස් වල ගිලිලා සිටියෙදි...මිනිත්තුවක් ගත වෙත්ම දොළහ කනිසම නාද විය...ඒ සමගම හදෙහි පැහැයද රතු පැහැයට කෙමෙන් කෙමෙන් හැරෙන කොට ටේහ්‍යුන්ග් ගේ පරිවර්තනයද ඒ සමග  ආරම්භ විනි..

ශරීරයෙන් දැඩි වේදනාවක් සමග ටේහ්‍යුන්ග් ගේ ඇස් තද රත් පැහැයට හැරිණි..මුකයෙන් දැනෙන තද වේදනාවත් එක්ක ටේහ්‍යුන්ගේ රදනක දත් විදුරුමහ කඩාගෙන දික් වෙන කොට ලොවි ගෙඩි වගේ රතු පාට වෙච්ච ඇස් ටේහ්‍යුන්ග්ට දුන්නෙ බයානක කඩවසම් කමක් වෙද්දි ඒ වෙද්දි ටේහ්‍යුන්ග් සම්පූර්ණයෙන් පරිවර්තනය වෙලා ඉදියා වගේම හදත් තනි  රත් පැහැයට හැරිලා තිබුනා....

ටේහ්‍යුන්ග් දිහා වශී වෙලා බලන් උන්නු ජන්ග්කුක් ටේගෙ හැම ශරීර අංගයක්ම නිරීක්ශනය කරා...හැම අංගයක්ම ටේට දුන්නෙ පුදුම තරම් ලස්සනක් වෙන කොට කලු දිග නියපොතු වලින් ජන්ග්කුක් ගේ පැත්තට දිග් කරපු ටේහියොන් හොද සිහියට ඇවිත් වශීවෙලා වගේ තමන් දිහා  බලන් උන්නු ජන්කුක්ව හොලවන්න ගත්තා...

"ජන්කුක් මොකද උනේ කතා කරන්න අපි යන්න ඕන..."

අහ්

එන්න යන්න අපිට වැඩි වෙලාවක් නෑ....

හරි යං..

ජන්කුක්ත් ටේහ්‍යුන්ත් දෙන්නම ඊලග මොහොතෙදි xuizekar මාලිගයේ බිම් මහලෙන් මතුවෙන කොට වටපිට බලපු ටේහ්‍යුන්හ් සහ ජන්ග්කුක් ට පාලු මූසල ගතියක් එක්ක යම් කිසි බයකින් හිත වෙලිලා ගියා වගේම තාලෙකට අඩන බකමූණා නිසා මොකක් හරි නරක් වෙන්න යන බවත් ඉවෙන් වගෙන් තේරුන ජන්ග්කුක් ටේගේ අත දැඩිව ග්‍රහනය කරන් ඇස් වලින් 'අපි යමු ' කියලා ඇගෙව්වා...

දෙදෙනාම මාලිගයේ ඉහලම තට්ටුවට නගිමින් හිදියේ වෙලාවත් මිනිත්තුව මිනිත්තුව වේගෙන් ගෙවිලා යද්දි..අන්තිම මොහොතේ උඩම තට්ටුවට ලගා උන ඔවුන් පුදුමයෙනුත් පුදුම උනේ මුලු උඩු මහලම අරක් අරන් වගේ වෙලාගෙන උන්නු රතු මානික්‍යේ සද කිරණ පරාවර්තනය වෙලා මුලු පලාතම අමුතුම මූසල පාටකින් වහන් උන්නා...

❤️Heart beet❤️⃟◍̻̻|ᵗᵃᵉᵏᵒᵒᵏ(Completed)Where stories live. Discover now