• ප්‍රථම හමුව

1K 114 6
                                    

" අයියෙ සීයක රීලෝඩ් එකක්...."

මොරටුවෙ ටවුන් එකෙන් බැහැල පුරුදු විදිහටම නිතර රිලෝඩ් එකක් දාගන්න ගොඩ වෙන මොබයිල් ශොප් එකට ගිම්හාන් ඇතුල් වුණේ නලල දිගේ බේරිලා ආපු දාඩිය අතින් පිහදාන ගමන්...

ශොප් එකේ අමාරුවෙන් කැරකෙන සිවිලිං පන්කාව ගිම්හාන්ගෙ දාඩිය නිවන්න තරම් වේගවත් නොවෙද්දි කැශියර් එක උඩ තිබුණ දැන්වීම් කොලයක් අතට අරන් ගිම්හාන් වනන්න ගත්තේ ගිනි කාශ්ටක අව්වෙ පාරේ යන මිනිස්සු දිහා බලාගෙන.

" මල්ලි නවතින්න තැනක් ඇහුවා නේද..."

මොබයිල් ශොප් එකේ අයිතිකාරය වුණ
ඩිමන්ත එහෙම නැතිනම් ගිම්හාන්ට අනුව
ඩිමා අයියා මොරටුව කැම්පස් එක ළඟින්ම නවතින්න තැනක් ගැන කිව්වෙ ගිම්හාන් සතියකට කලින් බෝඩිමක් ගැන අහලා කරපු ඉල්ලීමකට.
ගිම්හාන් මොරටුවෙ පරිගණක තාක්ෂණය පිළිබඳ උපාධියකට අයදුම් කලේ ගෙදර අයගේ කැමැත්තටත්
වඩා එයාගේ තනි කැමැත්තට. ගිම්හාන්ගෙ
තාත්තා කැමති වුණේ ගිම්හාන්ව උසස් පෙලින් පස්සෙ පවුලෙ ව්‍යාපාර වලට සම්බන්ද කරගන්න වුණත් ගිම්හාන්ගෙ හිතේ තිබුනේ තව ඉස්සරහටත් ඉගෙන ගන්නවා කියන අදහස..

" ගාන නම් එයාලත් එක්ක කතා කරගන්න
මන් හිතන්නෙ එහෙ තව පස් හය දෙනෙක් නැවතිලා ඉන්නවා...."

ඩිමා අයියා එතනදි පස් හය දෙනෙක් කියලා සඳහන් කලත් ගිම්හාන්ට එතනට ගියහමයි තේරුණේ ගාන වැරදි බව.
දෙමහල් නිවසෙ පහළ මහලෙම ඉංජිනියරින් යන දහයක් විතරම නැවතිලා හිටියේ උඩ තට්ටුවත් මේ වෙද්දි පස් දෙනෙක්ම නවාතැන් වලට වෙන් කරලා තියෙද්දි.
ස්වර්ණ ශෛල බිම්බාරාමෙ ළඟින්ම තිබුණ දෙමහල් නිවසෙ ඉදන් කැම්පස් එකට තිබුනෙ විනාඩි තුනක වගේ දුරක්.
ගිම්හාන්ට බෝඩිමක නවතින එකේ අවශ්‍යතාව වැඩිපුරම දැනුනෙ කෑගල්ලෙ ඉඳන් එන්න තියෙන පැය දෙකක වගේ කාලෙත් ඉතුරු කරගන්න තිබුණ ඕනිකමට.

ගිම්හාන්ගෙ තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක් නිසාම සල්ලි ගැන කිසිම ගැටලුවක් නැතුව උඩ තට්ටුවෙ තමන්ටත් නවාතැනක් වෙන්කර ගන්න ගිම්හාන්ට ලොකු කාලයක් ගත වුණේ නෑ. බෝඩිමේ හිටපු හැම කෙනෙක්ම වගේ ගිම්හාන්ට වඩා අවුරුද්දකින් හෝ දෙකකින් වැඩිමල් අය වුණත් එයාල ගිම්හාන් එක්කත් වෙනසක් නැතිවම ආශ්‍රය කලේ ගිම්හාන් එයාලගෙම සහෝදරයෙක් ගානට.


~~ගිම්හාන සැඳෑවක ~~ ✔️Where stories live. Discover now