" මොකෝ සීන් එක...."
ගිම්හාන්ගෙ තුන්වෙනි පාරටත් අතට ගත්ත වතුර ටිකෙන් මූණ හෝද ගත්තෙ දේශන අහන්න ගිය වෙලේ ඉදන් දැනුන නිදිමත මඟ අරින්න. තමන්ට මුහුණලා තිබූණ වීදුරු දර්පණෙන් පේන්න තිබුනෙ නිදි මරපු දවස් මතක් කරන්න වගේ ඇස් යට කලු වුණ පාරක්.
" මුකුත් නැහැ..."ගිම්හාන්ගෙ සම වයස් යාලුවා වුණ මනිඳු
ගිම්හාන්ගෙ සති දෙකක විතර හැසිරීම ගැන බලන් ඉඳලා අහපු ප්‍රශ්නෙ ගිම්හාන් සාමාන්‍ය විදිහටම මග ඇරියා." වෙන්න බැහැ.....බලපන් උඹ නිකන් සොම්බියා වගේ...මොකද කොල්ලා බූටක් කෑවද...."
මනිඳු දිහාවට ප්‍රශ්නාර්ත බැල්මක් දැම්ම ගිම්හාන් මුණේ බේරිලා යන වතුර බිංදු අත් වලින් තෙතමාත්තු කරගත්තා.
" බූටක් කන්නත් උඹට කෙල්ලෙක් ඉන්න එපෑ නේද..."
ගිම්හාන්ගෙ බැල්මත් එක්ක එයා කියපු දේ නිවැරදි කරගත්ත මනිඳු හිනාවීගෙන ගිම්හාන්ගෙ කරට අත දා ගත්තා.
" අහපන්කෝ...." ගිම්හාන් අතින් මනිඳුට තමන් ළඟ වාඩිවෙන්න සංඥා කරන ගමන් පඩිපෙලෙ කොනක ඉඳගත්තෙ හිතට වද දෙන දේ හොඳම යාලුව එක්ක බෙදාගන්න හිතාගෙන.
" හිතපන්....උඹ කැමතිම කෙල්ලෙක් ඉන්නවා...හැබැයි උඹට එයාට කැමත්ත කියා ගන්න බෑ එයා වැරදි විදිහට හිතයි කියලා....අනික් අතින් කවුරුත්ම කැමති වෙන්නෙත් නෑ ඔයාලගේ සම්බන්දෙට...
උඹ මොකද කරන්නේ......"ගිම්හාන් තමන්ගෙ හිතේ ඉන්න මහීට ගැහැණු ළමයෙක් ආදේශ කරන ගමන් මනිඳුගෙ කෝණෙන් ප්‍රශ්නෙ දිහා බලන්න සැලැස්සුවා. මනිඳු ඇහි බැමි අකුල් ගන්න ගමන් කල්පනා කලේ ඒ කියන විදිහෙ අවස්ථාවකදි ගන්න තීරණේ ගැන.
" සිම්පල් බන්...කෙල්ල මට සෙට් නම් මන් කෙල්ලට සෙට් නම් සමාජෙට බම්බුගහන්න කියලා මන් කෙල්ලව උස්සගෙන හරි එනවා..."
මනිඳුගෙ තාර්තික උත්තරේට ගිම්හාන්ගෙ
මූණෙ යන්තමට හිනාවක් ඇදිලා මැකිලා ගියා." බල්ලෝ...මන් සීරියස් අහන්නෙ..."
" සීරියස් තමයි ගොබ්බයො මාත් කිව්වෙ..."
YOU ARE READING
~~ගිම්හාන සැඳෑවක ~~ ✔️
Nonfiksi"Under the distant summer evening sky...Let's meet again as lovers..."