• උන්මාද ප්‍රේමය....

608 91 8
                                    

ජීවිතෙත් හරියට පාට නොකල අසම්පූර්ණ සිතුවමක් වගේ..... ඒ සිත්තම කවදහරි හරිම චිත්‍ර ශිල්පියට උරුම වුණ දවසට මිල කරන්නවත් බැරි තරමට වටීවි

~~~~~~~~~~~~~~~~~~

හදිසි තිගැස්සීමකින් අවදි වුණ මහී තම නලලත වූ දා බිඳු පිට අල්ලෙත් පිස දැමුයේ මොහොතකට පෙර තමන්ට නින්දේදී පෙනුණ රූප රාමු පෙළ නැවත මතකයට නගමින්. ගිම්හාන් තමන්ට ආදරය ප්‍රකාශ කරන අයුරුත් තම නලලත හාදුවක් තවරන අයුරුත් මහීගෙ සිහිනය තුල හොල්මන් කරා. මහීගෙ දෑස් එක්වරම පතිත වුයේ තමන් අසල ගැඹුරු නින්දක පසුවූ ගිම්හාන් වෙතයි. ගිම්හාන්ගේ එක් අතක් තම බඳ වටා එතී ඇති අයුරුත් තමන්ද මෙතෙක් වේලා සිට ඇත්තෙ ගිම්හාන්ගෙ තුරුලේ බවත් තේරුම් ගන්න මහීට එතරම් වෙලා ගියේ නෑ. තිර රෙදි වලින් කාමරය තුලට පෙරී ආ ඉර එලියෙන්
අවට නිරීක්ෂණය කල මහී තම අනෙක් සගයන් තවමත් පසු වන්නෙ ගිම්හාන් මෙන්ම තද නින්දේ බව සැක හැර දැනගත්තා. තමා දුටු සිහිනය සිහිනයක්ම නොවන බවට පෙර දින රාත්‍රියේ මතකයන් සාක්ෂි දරද්දි මහී හෙමින් ළං වුණේ ගිම්හාන්ගෙ මුහුණට. ගිම්හාන්ගෙ තලෙලු හම ඝන ඇහිබැමි ඍජු නාසය ඔහුව තවත් කඩවසම් ලෙස පෙනීමට සමත් වූ අංග අතර විය. මහී ඒ සියල්ලක්‌ම තම දෑසින් විද ගත්තෙ කිසිදු බාධාවකින් තොරවයි. ඒ ශක්තිමත් පපුතුරේ නැවතත් උණුහුමට ගුලි වුණ මහී ගෙවීගිය දවස් පිළිබඳව මතකයට නඟන්නට විය.
ගිම්හාන් බෝඩිමට පැමිණ ඔවුන් හමුවූ පළමු දිනයේ සිටම කාන්දමක් ලෙස තමන් ගිම්හාන් වෙත ආකර්ෂණය වූ අයුරුත් ගිම්හාන් ද තමන් ගැන අනෙක් අයට වඩා සමීපව උනන්දු වූ අයුරුත් මහී තුල ඇතිකරේ සියුම් ආශ්වාදයක්. ඉතින් එය සැබැවින් ඔවුන් දෙදෙනා තුල ඇතිවූ යම් සුවිශේෂී බැඳීමක් නොවේද.....

" ඒ නැගිටහන්...උඹ නිදිපෙති ගැහුවද යකෝ..."
ගිම්හාන් ඇඟමැලි කඩමින් අවදිවුණේ කසුන්ගේ පහරදීමක් අතරමැද. සුදු කමිසයක් බාගෙට අදිමින් හිටිය කසුන් ගිම්හාන්ව අහරවලා නානකාමරය වෙත ගියේ ඉසුරු සමඟ කතා වු පරිදි කතරගම කිරිවෙහෙර හා දෙවොල වෙත යාමටය. හිස්වූ කාමරය තුලට බැල්මක් හෙලුව ගිම්හාන්ට එක්වරම මතකයට නැඟුනේ පෙරදින රාත්‍රියේ අඩනින්දේ තමන් මහී ඉදිරියේ හැසිරුණ ආකාරයයි.

~~ගිම්හාන සැඳෑවක ~~ ✔️Where stories live. Discover now