ගිම්හාන් ඇස් පියන් මුමුණන සිංදුවෙ තාලෙට ඉහළ පහළ යන උගුරු ඇටෙ ළඟ මහීගෙ අත් නැවතුනා. මහී ගිම්හාන්ගෙ බෙල්ල දිගෙ ඇඟිලි ගෙනියද්දි දැනුන කිතියට ගිම්හාන් මහීගෙ අත් දෙක තදින්ම අල්ලගෙන අනිත් අතට සෝෆාවට පෙරල ගනිද්දි මහී ඇස් ලොකු කරලා ගිම්හාන්ගෙ මූණට අතක් තියලා තල්ලු කරේ ගිම්හාන්ට එයාලා ඉන්නෙ කොහෙද කියල මතක් කරලා දීලා.පැය තුනක විතර පටිගත කිරීම අස්සෙ මහී මුහුදු රළ වගේ ගැඹුරු රිද්මෙකට ගලාගෙන ගිම්හාන්ගෙ කටහඬට වශී වෙලා අහන් හිටියෙ භාවනාවකට සම වැදුන ගානට. වටේ පිටේ වෙන දෙයක් ගැනවත් මහීට සිහියක් නැති තරම්.
තමන් අතින් ලියවුණු අදහස් වලට ගිම්හාන්ගෙ කටහඬින් පණ එද්දි කොච්චර ලස්සනද කියලා මහීට අදහා ගන්න බැරිව ඇස්පියා ගෙනම පද පේලි එක්ක ඒ දැනෙන හැඟීම විඳගත්තා.සඳට පෙම් බැඳි නීල දියවර
සඳක් අභියස මනහරයි......
මළ හිරුට පෙම් බැඳි සයුරු ක්ෂිතිජ
සන්ධ්‍යාවෙ රෑක පියකරුයි......
විසල් තුරු සිඹින චණ්ඩ සුළඟත්
තුරු වදුල අභියස සිසිලසයි.......
නුඹට පෙම් බැඳි මහද
ඔය දෑස් අභියස අසරණයි.....__________________________________
(* කවද්ද සිංදුව රීලීස් වෙන්නෙ...)
" මොකක්ද...." අසංක මහී අත් වලින් කරන සංඥාව තේරුම් ගන්න බැරිව ගිම්හාන් දිහාවට හැරුණා.
" එයා අහනවා කවද්ද සිංදුව රිලීස් කරන්නෙ කියලා...."
ගිම්හාන් තරම් දක්ෂ විදිහට මහීගෙ අංග චලන තේරුම් ගන්න කෙනෙක් නැති තරම්. සමහර වෙලාවක මහී ඇස් වලින් ඉඟි කරපු දෙයක් පවා ගිම්හාන් ඉක්මනින්ම තේරුම් ගත්ත අවස්ථා තිබුණා." තමුසෙ හොඳයි මහීගෙ කථන පරිවර්තන වැඩ වලට..." අසංක කොණ්ඩෙ එක අතකින් හදාගන්න ගමන් හිනාවුණා.
" සිංදුව කෙලින් යූ ටියුබ් දාන්න අදහසක් නෑ....මන් ළඟ වෙන අයිඩියා එකක් තියනවා...." අසංක අලුත් සිංදුව ගැනත් ගිම්හාන්ගෙ පළවෙනි ඇල්බම් එක ගැනත් අදහස් මහී එක්ක බෙදාගන්න අතරතුරෙ ගිම්හාන් හදිසියෙ ආව දුරකථන ඇමතුමකට ශබ්දාගාරයෙන් පිටතට ආවා.
අසංක කියන දේ ගැන අහන් හිටියත් මහී බලන් හිටියෙ දුරකථන සංවාදය අතරෙ ගිම්හාන්ගෙ මූණෙ ඉරියව් වෙනස් වෙන හැටි. ඊළඟට කලබලෙන් ගිම්හාන් ශබ්දාගාරය ඇතුලට එන හැටිත් අසංකට යමක් කියන හැටිත් මහී බලන් හිටියා.
YOU ARE READING
~~ගිම්හාන සැඳෑවක ~~ ✔️
Non-Fiction"Under the distant summer evening sky...Let's meet again as lovers..."