ඉඳහිට වැටෙන වැහි කෝඩෙක
තෙමීගෙන
කහ මල් කිනිති පොළොවට ඇස්
අයාගෙන
ප්‍රේමය ගිය පසුව සුළගේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසින් කඩාගෙන~~~~~~~~~~~~~~~~~
" මිස්ටර් ගිම්හාන් ඔයා හොඳින්ද...."
" මහී.....මහී මේ ඔයාද....."
මැනේජර් ගිම්හාන්ට කතා කලත් ගිම්හාන් හිටියෙ පියවි ලෝකෙන් ගොඩක් ඈතක.
ඡායාරූප වල දැකලා හුරුවට ඉක්මනින්ම මහීව දුර තියාම අදුනගත්ත අසංක පැජන්ට් එක අස්සෙ වරදක් නොවෙන්න ඉස්සෙල්ල ගිම්හාන්වත් ඇදගෙන මේකප් රූම් එකට ගිහින් බලෙන්ම පුටුවක ඉන්දෙව්වා." මොන මඟුලක්ද බන් යන්න දෙනවකො...අත අරින්නකො....." අසංකගෙන් ගැලවිලා ගිම්හාන් මහීව හොයන් දුවන්න හැදුවත් අසංක ආයෙමත් ගිම්හාන්ව පුටුවට තියලා තද කරා.
" උඹ ගාල කඩා ගත්ත හරකා වගේ ඔතෙන්ට දුවලා ගොන් වැඩ කරනවා එහෙම නෙවෙයි. යන්තම් අරුන්ට මයික් එකේ අවුලක් කියලා ශේප් කරගත්තෙ...."
ගිම්හාන් බලන් හිටියෙ හරි ඉවසීමෙන් කැමරාවක් ඉස්සරහ වෙන පොඩි අඩුපාඩුවක් පවා මෙච්චර දුර අරන් ආපු තමන්ගෙ සංගීත ජීවිතේට කැලලක් වෙනවා දකින්න එයාට ඕනි වුණේ නෑ. ඒත් මහීවත් එහෙම ලේසියෙන් මඟ ඇරගන්නත් බෑ. විලාසිතා දැක්මෙ එක කොටසක් ඉවර වෙලා මේකප් රූම් එකේ පිරුණ නිරූපණ ශිල්පීන් අතරෙ ගිම්හාන්ගෙ ඇස් අසරණව හෙව්වෙ මහීව
අන්තිමට මහීත් මේකප් රූම් එකට ගොඩ වැදුනත් ගිම්හාන්ව නොදන්න ආගන්තුකයෙක් ගානට ගිහින් එයාගෙ කණ්ඩායමට එකතු වුණා. ගිම්හාන්ට දැනුනෙ දුක තරහව මිශ්‍ර වුණ හැඟීමක්
තමන් කාලයක් තිස්සෙ ආදරේ කරන කෙනා ගිම්හාන් ඉන්න බව දැන දැනත් ආගන්තුකයෙක් නොදන්න කෙනෙක් ගානට හැසිරෙද්දි. ගිම්හාන් ඉවසීම පැත්තක දාලා අසංකගෙනුත් මැනේජර්ගෙනුත් ගැලවිලා මහී ළඟට ගියා.මහී කිසිම හැඟීමක් නැති විදිහට තමන් ළඟට ඇවිත් අත් වලින් අල්ල ගත්ත ගිම්හාන් දිහා බලන් හිටියා. ඇත්තටම මහී ගිම්හාන්ව මඟ අරින්න හැම අවස්ථාවකම උත්සාහ ගත්තත් එයාට ඕන වුණා ගිම්හාන් පේන දුරකින් ඉන්න නමුත් ගිම්හාන්ට නොපෙනෙන්න. මහී ගෙවුන කාලෙ පුරාවටම කලේ ගිම්හාන් එක්ක හැංගිමුත්තන් සෙල්ලමක්. ගිම්හාන්ගෙ හැම මියුසිකල් ශෝ එකක්ම මඟ නොඇර බලපු ෆෑන් කෙනෙක් හිටියනම් ඒ මහී. ගිම්හාන් යන එන තැන් පවා දැනන් හිටිය මහී මෑතකදි සිනමන් ලේක්සයිඩ් හෝටලයේ සේවකයෙකු විදිහට කෙටි කාලෙකට බැදුනෙත් ගිම්හාන්ගෙ මිසියුසිකල් ශෝ එක වගේම කාලෙකට පස්සෙ ගිම්හාන්ව දැකගන්න තිබ්බ ආසාවට. මහීට කොයිම වෙලාවකවත් ඕන වුණේ නෑ ගිම්හාන්ට පේන මානෙක ඉඳලා එයාගෙ පවුල් ජීවිතේ අවුල් කරන්න. මහී කලේම ඒකපාර්ශ්වික ආදරයක් හිතේ තියාගෙන දුර ඉදන් ආදරේ කරපු එක.
YOU ARE READING
~~ගිම්හාන සැඳෑවක ~~ ✔️
Документальная проза"Under the distant summer evening sky...Let's meet again as lovers..."