කාලය කියන්නෙ සල්ලි දීලවත් ආයෙ ගන්න බැරි දෙයක්...එකනේ කාලය රන් හා සමානයි කියන්නෙ.....ගිම්හාන්ටත් ගතවෙන තත්පරෙත් කොච්චර වටිනවද කියලා තේරුණේ ගායන තරඟාවලියෙ ඔඩිෂන් අත ළඟටම එද්දි. ගිම්හාන්ගෙ අප්පච්චි අම්මා ගිම්හාන් සංගීත ක්ෂේත්රයට යොමු වෙනවට වැඩි කැමැත්තක් නොතිබීම නිසාම ගිම්හාන්ට එයාගෙ පවුලෙන් සහයක් නොලැබුණ තරම්....ගිම්හාන්ට තිබුන එකම ශක්තිය වුණේ මහී. මහී ගිම්හාන් වෙනුවෙන් පුංචිම දෙයක් පවා හොයලා බැලුවෙ ගිම්හාන්ගෙ සහජ දක්ෂතාවය එයාගෙ දෙමාපියන්ටත් වඩා හොඳින් අඳුනගෙන. මහීගෙ හීනෙ වුණේ කවදමහරි ගිම්හාන් සංගීත ක්ෂේත්රයෙ ඉහළින්ම බැබළෙන තරුවක් වෙනවා දකින්න. මහී ගිම්හාන් වෙනුවෙන් තමන්ගෙ කාලය පවා කැප කලේ ඒ අහිංසක හීනෙ වෙනුවෙන්.
ඩ්‍රීම් වොයිස් තරඟාවලියෙ පළමු තෝරාගැනීමේ වටයට ගිම්හාන් ඉදිරිපත් වුණ දවසෙ මහී ප්‍රේක්ෂකාගාරයෙ ඉදන් බලන් හිටියෙ නොසන්සුන්ව. ගිම්හාන් වේදිකාවට එන තැන ඉදන් පොෆෝමන්ස් කරලා ඉවර වෙනකම්ම මහී ඒ දිහා ඇස්පිය නොගහම බලන් හිටියෙ කදුළු පිරුණු ඇස් වලින්. 'සිකුරු තරුව' චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවන් ගායනා කරන ' ඉර හඳ පායන ලෝකේ ' සිංදුවට ගිම්හාන් උපරිම සාධාරණයක් කලේ ශාස්ත්‍රීය ගායනයට ඔහුට තිබුණ හැකියාව දැකලා විනිශ්චය මණ්ඩලය පවා පුදුමය පළ කරද්දි. එදා ගිම්හාන් ඉදිරි වටයන් වලට සුදුසුකම් ලැබුවා කියන පණිවිඩයත් එක්ක මහී ගිම්හාන්ව තදින් වැළඳගත්තෙ හරියට ගිම්හාන් එදාම මුලු තරඟෙම දිනලා හා සමාන සතුටකින්.
ගිම්හාන් මහීගෙ ඇස්වල එදා ඒ තිබුණ සතුට වෙනුවෙන්ම තරඟය වෙනුවෙන් උපරිම කැප වුණා. වටයෙන් වටය ගිම්හාන් තරඟය ඇතුලේ ඉදිරියට යද්දි පවුලෙන් තරඟයෙන් ඉවත් වෙන්න කියලා නිතර බලපෑම් ආවත් ගිම්හාන්ගෙ හයියට ඉසුරු මිලාන් වගේම ගිම්හාන්ගෙ අනෙක් යාලුවො පවා එයා වටා එකතු වෙලා හිටියා. ඒ අතරේ මහී කියන්නෙ ගිම්හාන් කර්කශ ගමනට හෙවණ දෙන රූස්ස ගහක්." නිදාගන්න මහී...." ගිම්හාන් අතේ තිබුණ ගිටාර් එක ඇඳ පාමුලින් පරිස්සමට හේත්තු කරන ගමන් නිදිබර ඇස් වලින් ගිම්හාන් සිංදුවක් පුරුදු වෙන දිහා බලන් ඉන්න මහීට කිව්වත් මහී බැහැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවෙ ගිම්හාන් නැතුව නිදාගන්නෙ නැති බව අඟවන්න.
ගිම්හාන් දුරකථන තිරයේ දිස්වුණ වේලාව බැලුවෙ එකම ඉරියව්වකින් ඉඳලා ඇදුම් දෙන බෙල්ල මිරිකගන්න ගමන්. තරඟ වට දහයක් අවසානෙ ගායන තරඟෙ තරඟකාරීත්වය එන්න එන්නම උණුසුම් වෙද්දි ගිම්හාන්ට පාඩම් වැඩ පවා අතපසු වුණා. කොටින්ම ගිම්හාන්ට හිතුණෙ නිදාගන්න වැය කරන කාලේ පවා අපරාදේ කියලා. ඒත් මහී ගිම්හාන්ගෙ සෞක්‍ය ගැනත් වද වුණ නිසාම මහී කැමති වුණේ නෑ ගිම්හාන් රෑ නින්දක් නැතුව මහන්සි වෙනවට. කාමරේ ප්‍රධාන විදුලි බුබුල නිවපු ගිම්හාන් කළුවරේම ඇඳට ගොඩ වුණෙ මහී එයාගෙ කාමරේට යන දිහා බලන්. ගිම්හාන්ට රෑ නින්දක් තිබුණෙ නැතිම තරම් ගෙන්දගම් පොළව තෙමාගෙන වහින වැස්සත් ඉඳහිට ඇහෙන ගිගුරුම් හඬත් එක්ක ගිම්හාන් හිටියේ අවදියෙන්. මුලු කාමරේම නිල් පාට කරගෙන ළඟපාතකට වැදුණ අකුණු සැර පුපුරද්දි කන් බීරි කරන තරමේ ගිගුරුම් හඬට ගිම්හාන් අත්වලින් කන්දෙක වහගත්තා. ඒ අතරෙ ගිම්හාන්ට දැනුනෙ තමන්ගෙ ඇඟ දැඩි ග්‍රහණයකට ලක් වෙනවා. ඊළඟට හයියෙන් හුස්ම ගන්න හඬත් එක්ක ගිම්හාන්ට තේරුම් ගියා ඒ කවුද කියන්න.
YOU ARE READING
~~ගිම්හාන සැඳෑවක ~~ ✔️
No Ficción"Under the distant summer evening sky...Let's meet again as lovers..."