• කාලය කෙතරම් නපුරුද

500 75 5
                                    

සොඳුර කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුලැළි පුරවාගෙන
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කෙතරම් නපුරුද සොඳුර

~~~~~~~~~~~~~~~~~~~~

ප්‍රේක්ෂකාගාරය උමතුව දෙසවන් යොමු කර සිටියේ වේදිකාව මධ්‍යයේ සිටින අසහාය ගායන හැකියාවෙන් හෙබි තරුණයා වෙතයි. අවසන් දහදෙනා තේරීමේ වටය සඳහා ඔහුගේ තෝරා ගැනීම වුණේ අමරසිරි පීරිස් මහතාගේ කාලය කෙතරම් නපුරුද කියන ගීතය.
ගීතයට අනුව ඔහුගේ භාව ප්‍රකාශනයන් කටහඬ පවා මනා ලෙස සංයෝනය වෙද්දි බලා සිටි සමහරක් හිතුවෙ තරඟකරු සැබැවින්ම එම ගීතය ගයන්නෙ තම හැර ගිය පෙම්වතිය වෙනුවෙන් බවයි. නමුත්  ගීතය ගයන අතරතුර ගිම්හාන්ගෙ  දෙකොපුල් තෙමා ගිය කදුළු බිඳු සාක්ෂි දැරුවෙ තමන්ගෙ එකම ආදරයෙ මතක යලි යලිත් හිත පාරවද්දි. කාලය කොතරම් නපුරුද සොඳුරිය කියලා කියනවටත් වඩා ඔහුට ගැලපුනේ කාලය කෙතරම් නපුරුද සොඳුර කියන ආමන්ත්‍රණය. ගීතයේ අවසාන තත්පර කිහිපයේදී ප්‍රේක්ෂකාගාරයෙන් ගැනුන ඔල්වරසන් හඬ ශාලාව පුරා පැතිරෙද්දි ප්‍රේක්ෂකාගාරයෙ අඳුරු මුල්ලක පිටතට එන ඉකිබිදුම් තම දෙඅතින්ම මුව වසාගෙන ආයාසෙකින් මැඩගත් තවත් පෙම්වතෙක් වේදිකාව මත හිඳින තම එකම ආදරවන්තයා දෙස කදුළු පිරීගිය ඇස් වලින් බලන් හිටියා. ඇත්තෙන්ම කාලය කොතරම් ඔවුන්ට නපුරු වීද යන්න දැන සිටියේ ඔවුන් දෙදෙනාම පමණි.
ගිම්හාන් අවසන් දහ දෙනා අතරට වැඩිම ප්‍රේක්ෂක මනාපයෙන් තේරී පත් වෙද්දි මහීට ආදරයේ විරහවත් මිශ්‍රව දැනුන සතුටකින් ඉබේම ඇඬුණා. එකම එක වතාවක්‌ ගිම්හාන්ව වැළඳගෙන සුබ පතන්න මහීට තදින්ම ඕනි වුණත් ඔවුන්ගෙ ආදරයට මේ වන විටත් සීමා බාධක වැටී තිබුණා.
මාස කිහිපයකට පෙර සිදුවුණ සිදුවීමෙන් පස්සෙ මහීගෙ පියා ඔහුව වෙනත් නවාතැකට මාරු කර යවන්න කටයුතු කරද්දි ඔහු දේවප්‍රිය මහතා හමුවීද තර්ජනය කර සිටියේ තම පුතනුවනුත් ගිම්හානුත් අතර ඇති සම්බන්ධය නතර නොකරහොත් තමන් නීතිය හමුවේ ගිම්හාන් වරදකරු කරන බවයි. අනපේක්ෂිත ලෙස සියල්ල උඩුයටිකුරු වූයේ ඉන්පසුවය. දේවප්‍රිය මහතා ගිම්හාන්ගෙ ගමන් බිමන් පවා සීමා කරමින් ඔහුව නිවස තුල රඳවා ගැනීමට මහත් සේ වෙහෙස විය. නමුත් මහීගෙ සිහිනය යථාර්ථයක් කිරීම ගිම්හාන්ගෙ එකම ඉලක්කය විය. තම අධ්‍යාපන කටයුතු සඳහා  පිටව යන ලෙස පවසා ගිම්හාන් කෙසේ හෝ ගායන තරඟාවලියට සහභාගී විය. මාස කිහිපයක සිටම ගිම්හාන් කෙතරම් මහීගෙ දුරකථනය සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඒ සියල්ල ව්‍යර්ථව ගොස් තිබුණෙ මහීගෙ පියා විසින් ඔහුගෙ දුරකථනය සිය භාරයට ගෙන තිබීම නිසාය.

~~ගිම්හාන සැඳෑවක ~~ ✔️Where stories live. Discover now