" අලුතින් ඕඩර් කරපුවා දෙකයි ආවෙ... අපිට ෆෙස්ටිවල් සීසන් එකට කලින් අලුත් ඩිසයිනින් වලින් ගන්න පුලුවන් වෙයි නේද..."
මහී ' ෆ්ලෝරා ඩ්‍රෙස් පොයින්ට් ' එකේ ඇඳුම් වලින් පිරුණු තට්ටු පහේම ඇවිද්දෙ ඇසිස්ටන් මැනේජර් එක්ක ඉස්සරහට එන ෆෙස්ටිවල් සීසන් එකට අලුත් ඇඳුම් විලාසිතා ගැන අදහසක් ගන්න හිතාගෙන ඒ අතරෙ ඇසිස්ටන් මැනේජර් අහපු දේකට මහී ඔලුව වනලා ප්‍රතිචාර දුන්නා.
මහීගෙ ඔලුව ඇතුලෙ කැරකුණේ ටී ෂර්ට් බ්ලවුස් වලට හරියන අලුත් ඩිසයිනින් ගැන. පාරිභෝගිකයොත් ටෙක්ස්ටයිල් ෂොප් එකත් සතුටු කරන්න නම් මහීට මේ පාර අනිවාරෙන් මහන්සි වෙන්න වෙනවා.
නැත්තම් නත්තල් සීසන් එකේදි වගේ මිනිස්සු කැමති නැති නෝමල් ඩිසයිනින් තොග පිටින් ඉතුරු වුණොත්.
මහී ඔලුව ගසලා හුස්මක් ගත්තෙ ගිය පාර වුණ වැරැද්ද මේ පාර නොවෙන්න හිතින් එයාටම කියා ගන්න ගමන්." ඇයි දන්නෙ නැද්ද....එයාලා දැන් ඩිවෝස්ලු...."
" ඒ මෝකෝ.....තාම බැඳලා අවුරුදු දෙකක් වගේ නේද..."
" අපරාදේ....මට එහෙම ගිම්හාන් වගේ ටැලන්ටඩ් හැන්සම් කෙනෙක් හම්බවුණොත් ළඟින් හෙල වෙන්නෙවත් නෑ....."
මෙන්ස් ෆ්ලෝ එකෙන් පස්සෙ ලේඩිස් අයිටම් තියන තට්ටුවට එද්දි මහීගච අවධානෙ ගියෙ හිනාවෙවී කතාකරන ගමන් ඇඳුම් තෝරන කාන්තාවො කීප දෙනෙක් ළඟට. කනින් කොනින් මහීට එයාලගෙ කතාව හොඳට ඇහෙද්දි මහීට දැනුනෙ පපුවෙ පැත්තක් හිර වේගෙන එනවා. මහීට දැනුනෙ ගිම්හානුත් නයෝමිත් වෙන් වෙන්න ප්‍රධානම හේතුව එයා වගේ වරදකාරි හැඟීමක්.
" මේ පාර වෙනස් කලර්ස් දහයකින් විතර බ්ලවුස් ටිකක් දැම්මොත් නම් විකිණෙයි."
මැනේජර් කියපු දේ මහීගෙ ඔලුවට හරියට ගියෙ නැතත් මහී ඒක තේරුණ බව අඟවන්න ඕපදූප කතා කරන කෙල්ලො ටික දිහා බලාගෙනම ඔලුව වැනුවා.
_________________________________
" මොකෝ සීන් එක...." අසංක ඇහුවෙ උසාවි ගිය ඇඳුමෙන්ම ස්ටුඩියෝ එකට ඇවිත් හිටිය ගිම්හාන්ගෙන්.
" ඒකි වන්දි ඉල්ලනවා..." ගිම්හාන් ඇදන් හිටිය සුදු ශර්ට් එකේ බොත්තම් දෙකක් ගැලෙව්වෙ දාඩිය නිමෙන්න ශර්ට් එක අතින් ගසන ගමන්. එදා ගිම්හාන්ගෙ අම්මා මැද්දට පැනලා නයෝමිත් එක්ක වුණ රණ්ඩුව බේරුවත් ගිම්හාන් නොහිතපු විදිහට නයෝමි ළමා හා කාන්තා කාර්යාංශය හරහා ගිම්හාන්ට විරුද්ධව නඩුවක් දැම්මෙ ගිම්හාන්ගෙ නම්බුව රස්සාව ගැනවත් නොහිතා.
ලෝයර් කෙනෙක් මාර්ගෙන් ආව ඩිවෝර්ස් එකට හේතුව සැමියාගෙන් සිදුවන බරපතල ලිංගික අඩම්තේට්ටම් කියලා දකිද්දි ගිම්හාන්ව ශොක් වුණේ ඉබේටමයි.හොඳ හිත පෙන්නගෙන හිටියත් නයෝමි කියන්නෙ පන්න පන්න දෂ්ඨ කරන පොළගෙක් කියලා ගිම්හාන්ට තේරුණේ අද තිබුණ උසාවි වාරෙදි ඩිවෝර්ස් එක ඕනිනම් ලක්ෂ පහකටත් අධික වන්දි මුදලක් නයෝමි එයාගෙ ලෝයර් මාර්ගෙන් ඉල්ලද්දියි.
YOU ARE READING
~~ගිම්හාන සැඳෑවක ~~ ✔️
Literatura Faktu"Under the distant summer evening sky...Let's meet again as lovers..."