දුර ඈත අහසක තනි වූ තරුවක්
සඳ රෑක හවසක කිව්වාලු රහසක්
සිටියත් දුරින් ආලෝක වසරක්
මුණගැහෙනවා මුණගැහෙන දවසක්...~~~~~~~~~~~~~~~~~~~~~
" මේකට මොනවාහරි වුනොත් මගෙ රස්සාවත් ගහලා යනවා....වැඩේම ඉතින් මට වද දෙන එකනෙ...ආයෙත් ඔය ගෙදර වලියක් දාගෙන ඇවිල්ල ඉන්නෙ...."
නින්දත් නොනින්දත් අතර හිටිය ගිම්හාන්ට අසංකගෙ කටහඬ කාමරෙන් ඇහෙද්දි එයාට මතකයි අසංක හවස බෙහෙත් ගන්න යන්න එනවා කියල කිව්ව කතාව. ගිම්හාන්ට දැනුනා සිනිඳු අතක් එයාගෙ ඔලුව පිරිමදිනවා. ඒ අසංකද....ඒත් අසංකගෙ කට හඩ ඇහෙන පැත්තෙන් ගිම්හාන්ට තේරුණා අසංක ඉන්නෙ තමන්ට ටිකක් දුරින් බව එහෙනම් ගිම්හාන් ළඟ ඉන්නෙ කවුද...
" පුලුවන්නම් ඕකට බලෙන්ම කවන්න මල්ලි...නැත්තම් හොස්පිට්ල් ඇඩ්මිඩ් කරන්න වෙනවා ඔහොම නොකා නොබී ඉඳලා....."
" ඕන කමක් වුණොත් කතා කරන්න මන් යනවා....." අසංක ආයෙමත් වතාවක් කියාගෙන දොර වහන් යද්දි ගිම්හාන්ට එයාට දැනෙන ස්පර්ශ වලට සංවේදි වුණේ ඇස් පියාගෙනමයි. හිස පිරිමැදපු අතින් සීතල වතුර පොගවපු රෙදි පටියක් ගිම්හාන්ගෙ නලලෙන් තියන හැටි ආයෙමත් හිමින් හිස පිරිමදින හැටි ගිම්හාන්ට දැනුනා. ඒ අසංක නෙවෙයි කියන්න දැන් හොඳටම දන්නවා එහෙනම් අම්මාද.... ඒත් ගිම්හාන් දන්නවා තමන්ගෙ අම්මා පොඩි උණක් හැදුන පලියට දුවන් එන ජාතියෙක් අම්මෙක් නෙවෙයි කියලත්.
" මහත්තයා... මෙන්න සුප් එක ගිම්හාන් මහත්තයා නැගිට්ටහම බොන්න දෙන්න..."
අජිත් සුප් පුරවපු දීසියකුත් අරන් කාමරේට එද්දි ඔක්කොම අහන් හිටිය ගිම්හාන්ට තවත් බොරු නින්දක ඉන්න ඕන වුණෙ නෑ. ගිම්හාන් ඇස් ඇරලා ඇද විට්ටමට හේත්තු වෙද්දි ඉබේම උණ හොඳ වෙන්න ගත්තෙ ඇඳ අසල හිටගෙන ඉන්න කෙනාව දැකලා.
" ආ...මහත්තයා ඇහැරියද...මේ ආකාශ් මහත්තයා සුප් හදලා...ඇඟට පණ එන්න ටිකක් බීලා ඉන්න....හවසට යන්න බැරියැ බෙහෙත් ටිකක් ගන්න...."
අජිත් කියන අතරෙ මහී හිනාවෙලා සුප් දීසිය අතට අරගෙන ගිම්හාන් ළඟින් ඉඳගත්තා. ගිම්හාන් තවමත් මැජික් සංදර්ශනයක් බලනවා වගේ මහී දිහා බලාගෙන. ගිම්හාන් තමන්ගෙ අතේ වැලමිට ළඟ යන්තමට කොනිත්ත ගත්තෙ එයා ඉන්නෙ හීනෙක නෙමෙයි කියලා තහවුරු කරගන්න.
ගිම්හාන් හරි සිහියට ආවෙ මහී උණු සුප් හැන්දක් කටින් පිඹලා ගිම්හාන්ට ළං කරද්දි. ගිම්හාන් මහී දිහා බලාගෙනම සුප් හැන්ද බීලා දැම්මා. දෙන්නාගෙ ඇස් වලින් ලොකු කතාවක් කිව්වත් ගිම්හාන් නෙවෙ වචනයක්වත් කතා කලේ...ඇත්තටම ගිම්හාන් හිටියෙ කතා කරගන්න වචන නැතුව.
![](https://img.wattpad.com/cover/338833338-288-k115093.jpg)
YOU ARE READING
~~ගිම්හාන සැඳෑවක ~~ ✔️
Non-Fiction"Under the distant summer evening sky...Let's meet again as lovers..."