• හැඟීම් සහ කැපකිරීම්

689 109 9
                                    

(* අයියා කියන්න එපා අනේ...මමයි මෙතන මල්ලි වගේ පෙන්නෙ...බලනවා මන් තමුසෙට වඩා කොටයිත් එක්ක...)

ගිම්හාන් නෝට් පොත පෙරලද්දි මහී ලියලා තිබුන දේ දැකලා හයියෙන්ම හිනා වුණේ මහී කිචන් එකේ ඉදන් ඔරවලා ගිම්හාන් දිහා බලද්දි. ගිම්හාන් කොච්චරවත් මහීට වයසින් වැඩි හින්දා අයියා කිව්වට දෙන්නගෙ පෙනුම එක්ක බැලුවොත් ගිම්හාන්ට තිබුනෙ වැඩිමල් පෙනුමක්.

" එහෙනම් මල්ලි කියල කතා කරන්නද..."

ගිම්හාන් කෑගහලා අහද්දි මහී කම්මුල් දෙකත් පුම්බගෙන සින්ක් එක පැත්තට හැරුණෙ තම්බන්න ගත්ත නූඩ්ලස් ටිකට වතුර පුරවන ගමන්. රෑ කෑමට ඒ දෙන්නා විතරක් නිසා කඩෙන් කන්න වියදම් නොකර මොනවහරි උයාගෙන කමුයි කියලා යෝජනා කලෙත් මහීමයි.

ගිම්හාන් කිචන් එකට නොගිහින් දොරට හේත්තුවෙලා බලන් හිටියෙ මහී කෑම හදලා ඉවර වෙන්න ළඟ බව දැනගෙන.
තැම්බලා සුවඳ එන නුඩ්ලස් එක බෙදන්න අදහසින් මහී පැන්ට්‍රි කබඩ් එකේ උඩින්ම තිබුණ බෝල් එකක් ගන්න ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සි දඟලන හැටි ගිම්හාන් බලන් ඉද්දි එයාටත් නොදැනිම එයාගෙ ඇස් ගියේ මහී කකුල් වලින් ඉස්සෙන වාරයක් ගානෙ ටී ෂර්ට් එකත් ඉස්සිලා පේන හීනි ඉන දිහාවට....
තමන්ගෙ අත් ඒ හිනී ඉනට ගානට ගැලපෙන හැටි වගේම පිටිපස්සෙන් ගිහින්
මහීව බදාගෙන පිම්බුන කම්මුල් වලට හාදුවක් තවරන්න කියලා හිතට ආපු ආගන්තුක හැඟීම ගිම්හාන් බලෙන්ම හිරකර ගත්තා.

තවත් බලන් ඉන්න බැරි තැන ගිම්හාන් පැන්ට්‍රි කබඩ් එක උඩ තිබුණ බෝල් අරන් මහී අතට දුන්නෙ ඒ කතා කරන ඇස් දිහා කෙලින් බලන්න බැරිව ෆෝන් එකට අවදානෙ දෙනගමන්.

මහී ගැන තමන්ගෙ හිතේ ඇතිවෙන හැඟීම තේරුම් ගන්න ගිම්හාන්ට ඒ තරම් අමාරු වුණේ නෑ....ඒක මීට කලින් එයාලා අතර තිබුන යාලුකමක්වත් මහී ගැන ඇතිවුණ අනුකම්පාවක්වත් නෙමෙයි කියන්න ගිම්හාන්ගෙ යටි හිත දැනන් හිටියා.
ඒ හැඟීම මහීගෙ රෑපෙට වුණ ආකර්ෂණයක්ද නැත්නම් මහී වෙනුවෙන් දලුදාපු ආදරයක්ද..... ගිම්හාන්ගෙ හිත හැමතිස්සෙම දෝලනය වුණේ ඒ දෙක අතර.

~~ගිම්හාන සැඳෑවක ~~ ✔️Where stories live. Discover now