බලා හිඳි මුත්...
නෙලාගන්නට බැරිව
ලතවෙන.....
නුඹත් දෛවයෙ සරදමක්~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ගිම්හාන්ව පිරිවරාගෙන ඉන්න ගිම්හාන්ට ආදරේ කරන රසික පිරිස දැක්කම මහීට ඇත්තටම දැනුනෙ ගිම්හාන් ආපු ගමන ගැන ආඩම්බරයක් වගේම සතුටක්.
ගිම්හාන්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්යයක් වුණ ඒ මොහොතෙ මහී හිතා ගත්තෙ ගිම්හාන්ට නොපෙනන දුරකට ගිහින් එයාලගෙ අතීත මතක එක්කම ජීවත් වෙන්න. මහීට කොහෙත්ම ඕන වුණේ නෑ එයාලගෙ සම්බන්දය නිසා ගිම්හාන්ගෙ නමට කැළලක් වෙනවා දකින්න.
කාලයත් හරි ඉක්මනට ගෙවීගෙන යද්දි මහී යන්න ගියා ගිම්හාන්ගෙන් දුර ඈතකට ඩිජිටල් තිරයකින් දකින ගිම්හාන්ගෙ රෑපෙ රේඩියෝ එකකින් ඉයර්ෆෝන් එකකින් ඇහුන ගිම්හාන්ගෙ සිංදුවක් පරණ මතක අලුත් කරද්දි දෙන්නම වෙනුවෙන් කියලා මහී ඉවසුවා.
ඉවසලා බැරිම තැනකදි ඇස් රතු වෙනකම් ඇඬුවා.තවත් පැත්තකින් මහී ගැන හිතලම හෙම්බත් වෙලා උන්න ගිම්හාන් තමන්ගෙ අප්පච්චිගෙ පදේට නටන රූකඩයක් වුණා.
ගායනයත් එක්ක නොහිතපු තරම් ජනප්රිය වුණ ගිම්හාන් කාර්බහුල වෙද්දි ආස කරපු දේකට තිබුණෙ සංගීතය වගේම කාලෙකට කලින් එයා හොරෙන් දුරකථනයෙ ගැලරියට එකතු කරපු මහීගෙ ඡායාරූප විතරයි. ගිම්හාන් ගෙවිලා ගිය හැම මොහොතකම කල්පනා කලේ මහී කොහෙද එයා හොඳින්ද කරදරයක් නැතිව ඇති නේද වගේ දේවල්.
කොටින්ම මහීගෙ වෙන්වීමත් පවුලෙන් විවාහයකට එල්ල වුණ බලපෑමත් එක්ක ගිම්හාන් නිතරම මානසිකව විදෙව්වා." නුවර ගියා වෙන්න බැරිද..." ගිම්හාන්
දුරකථනය කන මතින් තියාගෙන ගෙමිදුලෙහි ඔබ මොබ ඇවිද්දෙ ඇඟිල්ලක්දත් අතරට හිර කරගෙන." නෑ මන් එයාගෙ අම්මට කතා කරපු වෙලේ කිව්වා මාසෙකින් විතර ගෙදර ආවෙ නෑ කියල....මට හිතා ගන්න බැරි මූ කොහෙද එකපාරම චුත වුණේ කියලා. ඩිග්රියත් ඉවර නිසා මූ ඡොබ් එකක් හොයන් යන්න ඇති..." ඉසුරුගෙ අනුමානය නිවැරදි වෙන්නැතියි කියලා හිතපු ගිම්හාන් ටික වෙලාවකට පස්සෙ ඉසුරුගෙත් ඔහුගෙත් දුරකථන සංවාදය විසන්දි කලේ නිවස තුලින් ඇසුණු තම මවගේ හඬට ඇහුම්කන් දෙන ගමන්.
![](https://img.wattpad.com/cover/338833338-288-k115093.jpg)
YOU ARE READING
~~ගිම්හාන සැඳෑවක ~~ ✔️
Non-Fiction"Under the distant summer evening sky...Let's meet again as lovers..."