අකාලික ප්‍රේමයක
Timetable නැතිය
එන්නම් කියා නො ඒමත්
නොඑමියි කියා ඒමත්
පොදු ලක්ෂණයන්යපෙම්වත, දිනක
අකාලික හාදුවකින්
හුස්ම හිරවූ මරණයක්
ඔබට හිමිවිය හැකිය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~" කොහෙන්ද මේ අදහස් හිතට එන්නෙ..."
ටන්ස්ටන් සූත්‍රිකා බල්බ් එකෙන් ගලාගෙන ආව කහපාට එලියෙන් ගිම්හාන් නිසඳැස් කවි සිංදු පිරුණු මහීගෙ පරණ ඩයරියක් පෙරලුවෙ ඒ ලියලා තිබුණ හැම පද පේලියක් ගානෙම හිත ඇදිලා යද්දි.(* ඕක ඔයා තියාගන්න....කවදහරි මගේ හිතේ ලියවුණ පදපේලිවලටත් ඔයාගෙ කටහඬින් පණ දෙන්න ගිම්හාන්....)
මහී ඇඟිලි තුඩු වලින් ගිම්හාන්ගෙ නග්න උඩුකය දිගේ රටා අදිද්දි සිවිලිමක් නැති සිංහල උළු හෙවිලි කරපු වහලේ දිහා බලන් ගිම්හාන් කල්පනා ලෝකෙකට වැටුණා. ඉස්සරහට එන තරඟාවලිය ගැන මහීගෙත් එයාගෙත් අනාගතේ ගැන. අනාගතේ ගැන මවපු හීනෙ දුරට යන්න හදනවත් එක්ක එක්වරම නාදවුණ දුරකථනය වෙත ගිම්හාන් දැම්මෙ නුරුස්සන බැල්මක්.
(* කවුද...)
" අප්පච්චි...." ගිම්හාන්ට කොතෙකුත් ඇමතුම මගහැරීමට අවශ්‍ය වුණත් නොකඩවා නාද වුණ දුරකථන ඇමතුමට පිළිතුරු දෙන්න ඔහු තීරණය කලා.
" කොහෙද ඉන්නෙ...." දේවප්‍රිය මහතාගෙන් පිට වුණ කෝපය මිශ්‍රිත වදන්. ගිම්හාන්ට එවලෙයි තේරුණේ තමන් අප්පච්චිට කියපු බොරුවෙ බරපතල කම.
" බෝඩිමේ නේද ඉන්නවා කිව්වෙ...."
" ඔව් අප්පච්චි...." ගිම්හාන් බයාදු විදිහට පිළිතුරක් දීලා යටි තොල හපාගත්තා.
" එතකොට දැන් තමුන් කොහෙද ඔය ඉන්නෙ....මන් අද බෝඩිමට ගියහම නම් එතනින් කිව්වෙ උදේම බෝඩිමෙන් ගියා කියලා...."
දුරකථනයෙන් පිටවන දේවප්‍රිය මහතාගෙ ආවේගශීලී කටහඬට මහීත් බය වුණු දෙනෙත් වලින් බලන් හිටියෙ තමන්ගෙ තාත්තාට උත්තරයක් දී ගන්න බැරුව ලතවෙන ගිම්හාන් දිහා." යාලුවෙක්ගෙ ගෙදර ආවා අප්පච්චි..."
" කොහෙද...? "
" නුවර..."
" ඉන්න ගුබ්බෑයමකින් ගෙදර එනවා හෙටම....." දේවප්‍රිය මහතාගෙ සැර පරුෂ වදන් දුරකථන සංවාදය විසන්ඳි වනවාත් සමඟ මැකී යද්දි ගිම්හාන් කනස්සල්ලෙන් මහී දිහා බැලුවා.
මහී ගිම්හාන්ගෙ නිරාවරණය වුණ බාහුවක් පිරිමදින ගමන් එයට හාදුවක් තැවරුවෙ ගිම්හාන්ට පවුලෙන් යොමු වන පීඩනය ගැන හොඳාකාරවම දැන ගෙන.
YOU ARE READING
~~ගිම්හාන සැඳෑවක ~~ ✔️
Non-Fiction"Under the distant summer evening sky...Let's meet again as lovers..."