ජීවීතේ පොතක් වුනා නම් මට තිබුනේ සම්මානනීය ජීවීත කතාවක්..
කියවන කෙනාට පුදුම හිතෙන
ඒක මනඃකල්පිතයි කියල හිතෙන තරමේ පුදුම කතාවක්.
සමහර රැයවල් වල මට හිතුනා කාටහරි ම ඒ ඔක්කොම කියන්න.
ඒත්.......ඒත් මං දන්නෙ නෑ ...
මට ඒ දේවල් කියන්න ඕන නෑ
මට හිතුනේ ඒ දේවල් මම එක්කම වැලලුනදෙන් කියලා..පහුවදාත් පාන්දරින්ම මම නැගිටලා ලෑස්ති උනේ කුඹුරේ ඉතුරු ගොයම් ටිකත් කපලා පන්ති යනව කියල හිතාගෙන ..
අත් දෙක පුපුරු ගහනව දියපට්ට වලට .
මම හිතන්නෑ පෑනක් අල්ලන්න පුලුවන් වෙයිද කියලවත් ..
ඒත් මොනා කරන්න ද...
ඔක්කෝටම වඩා උදේ මට මහසෝනා වැහුනේ අම්මා තාම නිදි .
ඊයේ නම් අසනීප මුකුත් පේන්න තිබුනෙත් නෑ .අනික හොදටම දන්නවා මම අදත් රැයින් යන්න ඕන කියලා
මම කතා නොකරත් මාලි නැන්දා ඇවිත් කියනව මම අහන් ඉදියේ ..ඊයේ දවල් උයපු වලං ඔක්කොම සින්ක් එක උඩ ගොඩ ගහලා..
මම ඉතින් ඒ ගමන දැලි නාගෙන ඒ ඔක්කොමත් පට පට ගාලා හෝදලා
වතුර කේතලයත් ලිපේ තිබ්බා කහට උගුරක් වත් බීලා යන්න.
මොකො උදේ පාන්දරින් ගිහින් පිට ගේකින් තේ ඉල්ලන් බොන්න පුලුවනැ..
මල කරුමේ ලිප පත්තු වෙන්නෙත් නෑ
බැරිම තැන වතුර නටන්නත් කලින් මම තේ එකක් හදාගෙන බීලා ඉතුරු ටික රත් වෙන්න තියලා ගෙදරින් ගියා.
මම යනකොටත් නිදි ..
ඕන වෙලාවක ඇහරෙනව නැතැ ..
ඒකෙන් මේකෙන් උනේ ඉර අව්ව වැටෙන්න කලින් කුඹුරට යා ගන්න බැරි උනු එක ..මම යනකොට අර ආච්චි ඉන්නවා දොරකඩ ලග රෝද පුටුවේ වාඩිවෙලා පාර දිහා බලාගෙන...
මම ගියා විතරයි සීයට කෑ ගැහුව කිරි පුතා ඇවිත් ඉදි ආප්ප ටිකක් දෙන්න මට කවන්න කියලා..
පව් උන්දැට සිහි කල්පනා නෑ
මම කිරිපුතා නෙවෙයි කියන්න මට කට ඇරුනෙත් නෑ ...
මොන තරම් දුකක් ඇත්ද ලමයි නවයක් උස් මහත් කරල අන්තිමට තට්ට තනි උනහම .
ඕකුන් ට හෙණ ගහනවද සල්ලි ඇතා නැතා හරි අම්මෙ කියල බලල ගියා නම් කකුල් වල හොරි හැදෙනවද
සක්කිලි...මම ගෙදරින් එන කොට මට ඇහුනා උන්දා සීයට කෑ ගහනව කිරි පුතාව පින්නේ කුබූරට යවන්න එපාලු. ලෙඩ වෙයිලු..
YOU ARE READING
නිදුක්
General Fiction" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර...