special author note

553 57 25
                                    

කතාව complete කරල හුගකාලයක් ගියාට පස්සෙ මට ඊයේ පෙරේදා මෙහෙම එකක් ලියන්න හිතුනා.
හේතුව මම තීරණය කරා මම ලියන හැම කතාවකම මේ නෝට් එක ලියන්න.
මම ඇයි මේ කතාව ලිව්වේ?
කොහොමද මේ plot එක ඔලුවට ආවේ

මේ ප්‍රශ්න වලට උත්තර තමයි මේකෙ ලියන්නෙ .මොකද මේ දවස්වල  copyright ප්‍රශ්න ත් වැඩියි .අනික නිදුක් plot එක ඕනම කෙනෙක් ට ලේසියෙන් ඔලුවට එන එකක්. but my story special.

මම ඊයේ නිදුකයි දෙනුවනුයි ගිය පන්සලට ගියා ( ඒක කල්පිතයක්)
ඒකත් රෑ කවුරුත් නෑ උඩ මලුවේ. මට පුදුම විදිහට නිදුක් ව මතක් වුනා .කොච්චරද කියනවනම් මම ඊයේ රෑ ඇවිත් ඒ චැපිය කියෙව්වා.
මම සාමාන්‍යයෙන් මගේ කතා කියවන්නෙ මට ලියපුවා අමතක වුනහම විතරයි.

කොච්චර කොහොම කරත් මට නිදුක් තරම් හොදට ලියන්න පුලුවන් වෙන කතාවක් ආයෙත් එන එකක් නෑ ..

හරි පලවෙනි ප්‍රශ්නෙ
ඇයි මෙහෙම එකක් ලිව්වේ?

ඇත්තම කියන්නම්කෝ. නිදුක් කියන්නෙ මගේ male version එක
🙂 ඒ කියන්නේ 2023 අග වෙනකොට මම ඉදපු Normel version එකක් සම්පූර්ණයෙන්ම නැති වෙලා ඉදියට වඩා එකසිය ගානකින් පහලට වැටුනා. mood fix කරගන්න මම නොකරපු දෙයක් නෑ . මම පට්ට ගේමක් ගැහුවා මාව අල්ලන් ඉන්න. ඉස්කෝලෙත් නැති හන්දා මට යාලුවෝ වත් හම්බ වුනෙ නෑ . ඒත් එක යාලුවෙක් නම් සති පහකට වතාවක් විතර හම්බ වුනා . කිසිම විදිහට අඩුවක් වුනෙ නෑ ..හැබැයි මම ඒක ගෙදරට පෙන්නුවේ නෑ .මම ඉදියේ තනිකරම ගුලි කාලා වගේ.
ඒත් මටම මාව control කරගන්න බැරුව ගියා .පස්සෙ ගෙදරත් එකපාරටම මේක දැනගත්තම පුදුම වුනා. එයාලා හිතුවේ මගේ  සම්බන්ධයක් නිසා කියලා.

ගෙදර අය දැන ගත්තම තත්වය තවත් නරක් වුනෙ එයාලා තේරුම් ගත්තේ නෑ මොනම විදිහකින්වත්. පස්සෙ ඒක කෙලවර වුනෙ රණ්ඩු වලින්.මමත් නිදුක් වගේ කිව්වේ අවුරුදු දහහතක් ම මම කවදාවත් ගෙදර මට බනිද්දි හ්ම් කියලවත් කියල නෑ වැරැද්දක් තිබුන නැතා . එකපාරටම මම රණ්ඩු කරද්දි ගෙදරත් ඒකට පුදුම වුනා .ඒ ගොල්ලෝ කරේ ඒක හන්දා මාව පාලනය කරන්න මට පුලුවන් තරම් ගැහුවා බැන්නා .
මම suicide කරගන්නත් ගියා ඒත් බේරුනා. මම මානසික බෙහෙත් පවා බිව්ව ඉතින් ..

ඔය කාලේ යාලුවා තමයි කිව්වේ උබ උබේ පීඩනය ඔක්කොම කතාවකට දාපන් කියලා .එහෙම තමයි මේක ලියවුනෙ. ඒකයි මම කිව්වේ නිදුක් special කියලා. ඒකෙ තියෙන්නෙ ඇත්ත හැගීම් .

එතකොට ගම , පන්සල වගේ තැන් පවා මම ඇත්ත තැන් මතක් කරන් ලියපුවා .
ඉස්කෝලෙ පවා එහෙමයි.

එතකොට දෙනුවන් කවුද?

මම කිව්වනෙ මාව තේරුම් ගත්තේ නෑ කියල කවුරුත්.මම මගේ ෆැන්ටසියේ චරිතයක් මැව්වා.මේ වෙලාවෙ මට මෙහෙම කෙනෙක් ඉදියා නම් හොදයි කියලා. එයා තමයි දෙනුවන්. ඒකයි දෙනුවන් එච්චර ම caring boyfriend කෙනෙක් වුනෙ ..

එතකොට හිරුක , යුරේශා කවුද?

මෙයාල මගේ ඇත්ත ජීවිතේ කොනකවත් නෑ ..හැබැයි මම මගේ ජීවිත කාලය තුල දැකල තියෙනව එහෙම චරිත .පිටතින් දෙන විනිශ්චය ට වඩා ඇතුළාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් චරිත.එයාලට පොදුවේ සාධාරණයක් දෙන්න මම එයාලව ලිව්වා..

දෙවෙනි එක - ඇයි මෙහෙම plot එකක් ලිව්වේ ?

මේක plot එකක් කියල ලොකුවට මවා ගන්න දෙයක් නෑ .😂මගේ ජීවිතේ බාගෙට බාගයක් වුන දේවල් කලවම් කරල තියෙන්නෙ .වෙනසකට තියෙන්නෙ මට ලව් එකක් තිබිල නෑ ...

ඉතින් නිදුක් ලියල ඉවර වෙද්දි මම ගොඩක් මානසික ව හොද වුනා. නිදහස් වුනා. ඒත් මට පස්සෙ දුකත් හිතුනා මේ කතාව හන්දා stress වුන redears ලා දකිද්දී.  දැන් ඉතින් කියන්න සතුටු යි ඇත්තම නිදුක සෑහෙන්න වෙනස් වෙලා. දැනුත් පොඩ්ඩක් ඩාම් ඩූන් වෙනවා. ඒත් මම විශ්වාස කරනවා ඒ දවස් ඉක්මනට ගෙවිල හොද දවස් එනව කියලා..

ඉතින් තව මොනවහරි දැනගන්න ඕන නම් අහන්න

මං ජැන්ජේ

ආදරෙයි හැමෝටම

නිදුක් Where stories live. Discover now