episode 27

2.4K 273 34
                                    

"ප්‍රේමයක් කියන්නෙම ..,
කටු ඇනෙන තැන්වල
නතර වෙන්නැ'යි කියා
හදවතට බල කරන හැඟීමය ..

පටු අඳුරු තනි මගක
හුදෙකලාවක පවා
උරහිසක මුදු පහස දැනීමය ..

ලඟ නැතද අත නෑර
හද සෙමෙන් පිරිමදින
සියුම් උණුසුම් සුසුම් විඳීමය..

කිති දවන තනිකමක
ගිනියමට ලං ලං ව
දැවී, හලුවී,  ඉන් ම නිවීමය ..

(copid book - ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට ..)

හැම කතාවකම දෙපැත්තක් තියෙනවා .
හැම මනුස්සයෙක්ටම කතාවක් තියෙනවා ..
මම සිතිජ දෙනුවන් විශ්මික.පලවෙනි වතාවට මං වෙනුවන් ලියවෙන පලවෙනි පරිච්ඡේදය මේක ..
මං මොන වගේද කියල මිනිසුන්ගේ එක එක චරිත සහතික තියෙනවා

"මුණසිංහ මුදලාලිගෙ ලොකු පුතා .කවදහරි ඉතින් පොඩි ලමයට කලින් ඕවයේ පාලනය අතට ගන්න ඉන්න දරුවා.. "
" පොඩි එකා නම් මහ නසරාණියා. ලොකු එකාට එච්චර දැගලිල්ලක් නෑ .ඒ වුනාට ඌ ඉන්නේ අගල් දහයක් උඩින්. හිතන් ඉන්නේ රටේ ඊලග ජනාධිපති වෙන්න  ඉන්න එකා වෙන්න වෙන්නැති..මනුස්සයෙක් ගේ මූණක් බලලා හිනා වෙන්නෑ.."

මේ වගේ තව ගොඩක් කතා තියෙනවා.
ඒවා මගෙ කන්වලටම ඇහිලත් තියෙනවා.
ඒවා මගෙ කන්වලට වැකුණට මගේ හිතේ දූවිලි අංශුවක තරම්වත් වෙනසක් ඇති කරන්න ඒවට බෑ ..
හැබැයි ඊටවඩා වෙනස් කතාත් තියෙනවා.
ඒවායේ තියෙන විරාම ලකුණු වලට පවා මගේ පපුවේ වෙනස්කම් ඇතිවෙනවා ..

" මම දන්නව නෙ උබ ගැන .උබ මට වඩා ලොකු බිස්නස්කාරයෙක් වෙන එක සිකුරුයි .මොකො උබ ඉතින් මගෙම පුතානේ. ඒ වුනාට උබ මට වඩා පරිස්සම්. උබගෙ හිත හොල්ලන්න නිරුවත් ගෑනු පරාණෙකටවත් බැරි එකෙ උබ මේ ගම් රටෙ හොද තැනකට එන එක නවත්තන්ඩ මොන ජගතෙක්ටවත් බෑ .."

ඒ මගේ තාත්තා ජයලත් මුණසිංහ. තාත්තා හින්දා හිත නරක් වෙන තැන් නැතුවම නෙවෙයි. ඒත් එයත් මගේ ජීවිතේ ඉන්න වැදගත් දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්..

" අයියා වෙලාවකට මල ඇණයක්. ඕන්නැති චීත්තයක් නෑ ඔක්කොම හොයනවා .තව මට පාඩම් කියා දෙද්දි ටොකු ඇනලම මගේ මොලේ හිල් වෙලා ..පුංචි කාලේ නම් මං එක්ක රණ්ඩු වෙන්නෙ නෑ මමම රණ්ඩුවට ඇදගත්තොත් මිසක .හැබැයි හැමදාම රණ්ඩු වුනාම ගුටි කන්නේ එයා .ඒ වුනාට මම දැන් අයියට ආදරෙයි. එයා තමයි මගේ මුලු ලෝකේ .ලොකුවට කතා නොකරට එයා මට ආදරෙයි .ආදරේ නැත්නම් හැමදාම රෑට ඇවිත් මම ගේම් ගහනවද බලන්න ඇවිත් මම නිදි වගේ රගපානකොට ඔලුව අතගාලා යන්නෑනේ.."

නිදුක් Where stories live. Discover now