episode 18

2.7K 313 11
                                    

ජීවිතේ සතුටු ම දවස් හුගක් වේගෙන් ඉගිලිලා යනවා.
මේ කතාව මට හරියටම හිතුනේ එදා දවස අවසානයේ දී ...
ඒක මෙහෙමයි.
ඒක නිම නොවන කාර්තුවක්
අපේ ජීවීත වල වස්සානය ආවේ සමහර වෙලාවට පැයකට දෙකකට වගේ පොඩි වෙලාවකට .
ඉතුරු පැය ගණනම කාන්තාර වැලි කුණාටුවක් වුන දවස් එමටයි.
හරියට එදා වගේ...

" තමුසෙ ඉන්නවකෝ ඕයි කූඩැල්ලා එල්ලිලා වගේ පස්සෙන් එන්නෙ ?"

" ඇයි දැන් මම ආවම මොකද ආආආ මොකද ඉතින් තමුසෙ උස්සගෙන ඉන්නවද නෑනේ .."

" හරි දැන් මොකටද එන්නෙ ?"

" ගෙදර වත්තේ අඹ ගහක් තීන එකෙ මට ගෙඩි ටිකක් කඩා ගන්න ඕන .."

" හරි උබ වරෙන්කෝ අඹ බැරි නම් ඕන එකක් කඩා ගනින් මට මොකො "

පහුරු කන්ද බැහැලා එනකොට දවල් දෙකටත් කිට්ටුයි.
ඒ කිට්ටුව ම ඔයක් තියෙනවා නිසා ශැනොන් අයියල ඒකෙ නාන්න යනව කිව්වා.
මම ගෙදර යනව කිව්වම දෙනුවන් අයියා මාව ඇරලවන්නම් කියල ආවා.
කොහොම හරි අර පොඩි ඇටයටත් එන්න ඕන වෙලා ඒකට වලි.
අන්තිමේදී ඔන්න ඕකවත් කැබ් එකට දාගෙන ගෙදර එන්න ලෑස්ති වුනා...

මගේ හිතේ ලොකු සතුටක් නෑ ...
ඒත් අහේතුකව මාව නිකම් කලබල වෙලා වගේ අමුතු uncomfortable ගතියක් දැනෙනවා දෙනුවන් අයියා ලග ඉද්දි පවා ..
මට දැනෙනව නිකම් නපුරක් අත ලග වෙනව වගේ...
ඒ ඇයි කියන්න මම දන්නෙ නෑ..
අද trip එක පවා හෙන ආතල් එකෙ ගියා.
හැබැයි වට පිටෙ කතා වෙන්නේ මොනවද කියලවත් මගේ ඔලුවට ගියේ නෑ
ශැනොන් අයියා අහන දේකට උත්තර දිල ඌ පිස්සා වගේ කියවන එක අහන් ඉදියා.
ඒකෙනුත් ලොකුවට ඔලුවට යන්නෑ මුකුත්.
මට තේරෙන් නෑ මට මොනව වෙලාද කියලවත්.

මම වීදුරුවෙන් එහා ලෝකය බලාගෙන ඉන්දැද්දි මට තේරුනා දෙනුවන් අයියා දෙතුන් සැරයක් ම මම දිහා බලනවා.
හිරුක පිටිපස්ස සීට් එකෙ ඉදන් තම්බපු වෙරලු ගිලිනවා.
ඌ හොද ඇලර්ට් එකෙ ඉන්න නිසා දෙනුවන් අයියට මගෙන් කිසිම දෙයක් අහන්න ඉඩක් තිබුනේ නෑ.
එක අතකට ඒක හොදයි.
මොකද නිරුත්තර වෙන ප්‍රශ්න වලට මම උත්තර හොයන්න ගියහම අසරණ වෙනව වැඩියි ....

ගෙදරට හැරෙන ගුරු පාර තැනට එනකන් ම අපි තුන්දෙනා ම ගොලුවත රැක්කා.මෙච්චර වෙලා අහේතුකවම ගිනි ගත්ත පපුවට පෙට්‍රල් දැම්මා වගේ මට හේතුවක් හම්බ වුනා .
පාර අයිනෙ ම තවත් කැබ් එකක් නතර කරල තිබුන දකිද්දී මගේ පපුවෙ ගිනි කදු පත්තු වෙන්න ගත්තා.
මම දැක්කා දෙනුවන් අයියගෙ ඇස් ගැස්සෙනවා. අත මිට මෙලවෙනවා.
එයා ඉන්නෙ කරකියා ගන්න බැරුව.
මං දිහාත් බලල ඇස් වලින් වාහනය පෙන්නුවම මගෙත් හිත ගැස්සෙනවා.
මම දන්නවා දැනටමත් හිරුක දන්නවා ඒ කාගෙ කැබ් එකද කියලා...
හිරුක ඉදියේ හෙන ආවේගයකින්.
මූණ දිහා බලන්න මට හයියක් නැති වුනාට කැබ් එකෙන් එලියට වෙරලු මල්ලත් විසික් කරල වාහනෙ දොරත් ගැලවෙන තරම් හයියෙන් වහිද්දි හිරුකගෙ emotions ගැන මට තවත් තේරුම් ගන්න අමාරු වුනේ නෑ ...

නිදුක් Where stories live. Discover now