අවුරුදු කීයකින්ද මම ඒ රූපය දකින්නෙ .
අනේ එයා තාමත් ඒ විදිහමයි. ඉස්සරට වඩා තවත් ලස්සනයි ..ඒත් ඒ ඇස්වල වෙනදා මගේ නමට තිබුනු ආදරය අද නෑ ...
දැකපු ගමන් අඩාගෙන අයියේ කිව්වට සැණින් මට මතක් වුනේ අපේ වෙන්වීම.
මම මගේ කදුලු පිහදගෙන බිම බලාගෙන වාඩි වුනා .
එයා මට අයිති නෑ ..දැන් එයාට පවුලක් ඉන්නවා. පොඩි දරුවෙක් ඉන්නවා.
මට තවත් එයාට අයිතිවාසිකම් කියන්න බෑ මේ ආත්මෙදි...
එයා මට කලින් මාව අතෑරලා. එයාගේ ඇස් ගැස්සුනෙ නෑ මාව දැකලා. අඩුම තරමේ මං දිහා තත්පරයක් වත් බලන්න එයා කැමති වුනේ නෑ ..දරුවා එක්කන් ඇවිත් මම ඉදපු සෝපාව ගාවින් ම වාඩි කරවලා එයත් පැත්තකින් හරියටම මට ඈතින් වාඩි වුනා .." බබා හොදට හුස්ම ගන්න.."
" උණ දවස් කීයක ඉදන් ද "
" අද උදේ ඉදන්..."
" කැස්ස දවස් කීයක වගේ ද .?"
" දවස් එකහමාරක් වගේ.."
" හරි මේ බෙහෙත් ටික දෙන්න .මේ සිරප් එකෙන් තේ හැන්දක් කෑමට පස්සෙ දෙන්න .උණු වතූර පාවිච්චි කරන්න. සීතල මීදුමට යන්න දෙන්න එපා .දවස් තුනකින් අඩු නොවුනොත් ලේ එකක් චෙක් කරන්න .."
" හරි..."
එතන ඉදියේ දෙනුවන් අයියගෙ නිදූවත් නිදුකගෙ දෙනූ අයියවත් නෙවෙයි. doctor නිදුක බෙහෙත් දෙන්න ආපු පේශන්ට් කෙනෙකුයි එයාගේ භාරකාරයයි විතරයි..
සමහරු වෙන්වීම් වලින් පස්සෙ මුණගැසුණේ ආගන්තුකයන්ටත් ආගන්තුකයෝ වෙලා ..
හරියට අපි වගේ. ඇස්වලට කදුලු උනන වාරයක් ගානේ ඇහි පිය ගගහා මම කදුලු නවත්තගත්තා...
කොලු පැටියා එයාගේ අප්පච්චි වගේම යි.වෙනසකට තිබුනේ අප්පච්චි හිනා වුනේ නැති වුනාට පොඩි පැටියා මං එක්ක හිනා වුනා ..
ඒ චූටී එකාට දෙන්න හිනාවක් වත් මට තිබුනේ නෑ. ඒත් පොඩි පැටියගෙ හිතේ මම ගැන අහිතක් තියෙන බවක් පෙනුනේ නෑ ..මම එතනින් නැගිට්ටා. දොස්තරවයෙක් විදිහට මගේ රාජකාරිය මෙතනින් ඉවරයි. ඒත් ප්‍රේමවන්තයෙක් විදිහට මට මෙතනින් යන්න බෑ ..
මම තීරණය කරා .එයාට සමු දෙන්න .හදවතේ ඉඩ ඒ විදිහටම තියා ගෙන එයාගෙන් නිදහස් වෙන්න ..
ආයෙත් කවදාවත් එයාගේ එක ආදර වචනයක්වත් බලාපොරොත්තුවෙන් මග බලන් ඉන්න එක නවත්තන්න..
YOU ARE READING
නිදුක්
General Fiction" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර...