" උබට හෙණ ගහලද කෝල් එකක්වත් අරගන්න බැරි..?
මම ම ගන්න ඕන ..අනේ මෙහෙමත් පව්කාරයෙක් මම වැදුවනෙ..."" ඇයි ගත්තේ..?"
" ඇයි දැන් මට උබට කතා කරන්නත් බැරිද..? අවුරුද්දක් පහු වුනා කියල නිකමට කෝල් එකක් අරන් හොයල බැලුවද ..?
අනේ අම්මෙ කාලදවත් ඉන්නේ කියලා ඇහුවද තෝ .
ඔහෙට රිංගගෙන මොන මොන අසික්කිත වැඩ කරනවද දන්නෑ.."" මං මේක අස්සේ ගෑනු දාගෙන නෑනේ .අම්මගේ අර යාලුවා ඉන්නෙ අල්ලපු වැටේ ගිහින් අහගන්න එකයි ඇත්තේ මම කරන අසික්කිත වැඩ මොනවද කියලා.."
" අනේ උබේ කටට හොදක් වෙන්නෙපා .ඒ අසරණ ගෑනී නේද තෝ මැරිලද කියල හරි බලන්න ඉන්නෙ . මට ආරංචි මට ආරංචි තෝ අර ශුද්ධ සිංහල හෝඩියෙන්ම මට වේස පද කියපු එකාවත් ගේ අස්සෙ දාගෙන ජයට අවුරුදු සැමරුවලුනෙ...
තොට හොදක් වෙන්නෑ වේස බල්ලා මට දෙන ගින්දර වලට ..."" ඉතින් ඒකා මගේ කවුරුත් නෙවෙයි තමුන්ගෙ හොර මිනිහගෙ පුතණ්ඩියා නේ .
ඇරත් දන්නවනෙ ඒකගෙ අයියා මෙහෙ නැවතිලා ඉන්නව කියලා. මොකද මට උන්ව දොට්ට ඇදලා දාන්න බෑ කියලත් හොදාකාරවම දන්නවනෙ. ඒක ඉතින් තමුන්ම තමුන්ගෙ හොර මිනිහට කියන එකයි ඇත්තේ ..."" උබ ඔය කාගේ රැස් අරන් ද මට කතා කරන්නෙ .ආ උබ ඔය අම්මට කතා කරන විදිහද..නොදකින් කාලකන්නියා මේ අවුරුද්දත් පාලු කරල දැම්මා මූසලයා.
මහ මූසලයා වගේම යි .ඒකගේ ජරා ලේ නේ ඇගේ දුවන්නේ .."" දැන් ඇයි කියනවද මට ගත්තේ ..
ඔය ටික කියන්න නම් ගත්තේ පෝන් එක තියන්න ..."" මට සල්ලි ටිකක් එවපන්.."
" ඉතින් මම ලග කොහෙන්ද සල්ලි. මම මෙහෙ රස්සාවක් කරනවැ. බාප්පගෙන් ඉල්ල ගන්න..."
" ඇයි උබ පොත්වල දාගෙන ඔය ගොඩ ගහන් තියෙන්නෙ. මට අර මනුස්සයට ම බරක් වෙන්න පුලුවනැ..
තෝ ඔය සිහියෙන් ද කතා කරන්නේ .ඇයි මොකො ඔය කීයක් හරි දුන්නා කියල තොට හැදී ගෑවිලා යන්නෑනේ.."" හරි දැන් කීයක් ද ඕනේ .."
" දහදාහක් දාපන් මගේ බෑන්ක් එකවුන්ට් එකට .."
" එච්චර සල්ලි මොන එහෙකටද ..
මම ඕන නම් හත්දාහක් දාන්නම්.
මොකද මට පන්ති පීස් ගෙවන්න කවුරුත් දෙන්නෑනේ ..."
YOU ARE READING
නිදුක්
General Fiction" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර...