episode 11

3.4K 398 56
                                    

වේදනාවෙන් පිරුණ මිනිස් ආත්මයක් කියන්නෙ තවත් හිතක් වේදනාවෙන් පුරවන්න වේදනාව බෝ කරන
තවත් විශබීජයක්.

මමත් එහෙම කෙනෙක් කියල දැන ගත්තේ මම ඊශාන්ගෙන්.
ඊශාන් කියන්නේ මගේ පරණ ඉස්කෝලෙ  මම හොදම යාලුවා කියල
හිතන් ඉදපු මනුස්සයා.

යාලුවෝ දෙන්නෙක් ට කතා කරන්න මොනවද නැත්තේ . ඒත් අපිට කතා කරන්න දේවල් හිග උන දවස් තිබුන
එහෙම දවස් වලට මම කියෙව්වා
ඌ අහන් ඉදලා මගේ උරහිසට තට්ටුවක් දැම්මා.
පොඩි කාලේ එහෙම කියෙව්වට ලොකු වෙන්න වෙන්න මම එහෙම මගේ
හිතේ දේවල් කියවන එක අඩු කරා ...

එක චීන කියමනක් තිබුනා
" ලමයෙකුගෙ ජීවීතය, එය මතින් ගමන් කරන සියලු දෑ වල සලකුණක් ඇති කරන සුදෝ සුදු කඩදාසියක් වැන්න "

ඒක ඇත්තක්. මගේ ජීවිතේ මට ලමා කාලයක් තිබුනේ නෑ .මම ඉපදිලා අවුරුදු දෙකෙන් අපි ඉදපු ගේ නැති උනා . ඒ නැන්දම්මා ලේලී රණ්ඩුවක් දුරදිග ගිහින් ආච්චි අම්මා ඉඩම තාත්තගෙ අයියට ලිව්වා. අපි මහ පාරට වැටුනා. දන්න දවසෙ ඉදන් ඉදියේ කුලියට .ඒකත් ඉතින් හොදින් කියලයැ
වෙන උන්ට වගේ මට සෙල්ලම් කරන්න අහල පහල කවුරුත් නෑ. අපි පිටගම්කාරයෝ නෙ

ඉතින් මට තීන හැම පීඩනයක් ම මම කියෙව්වේ ඊශාන්ට. ඊශාන් කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ලමයෙක්. ඌ දුක කියන දේ මොකක්ද කියලවත් නොදන්න පට්ටම චිල් එකෙ ඉදපු එකෙක්. ඒත් ඌ මට කට වහන් පාඩුවේ ඉන්න දුන්නෙ නෑ
සිතාර මොකො බන් අවුල කියල අහන් ලගට එනවා. මමත් ගොනා වගේ ඔක්කොම හෑල්ල කියනව.

උගෙ තීන හැම නරක ගතියටම වඩා එක හොදක් තිබුනා. ඌ මාව අහන් ඉදියා. ඒත් ඌ එක බලු වැඩක් කරා .
මුලදි මුලදි මට ඒක විශ්වාස කරන්න බෑ .මගේ විස්තර තාත්තගෙ අම්මගේ ප්‍රශ්න පිට අය දැනගන්න විදිහ.
ඊශාන්ගෙන් ඇහුවම ඌ දිව්ර දිව්ර කිව්වේ ඌ කාටවත් කිව්වේ නෑ කියලා.
ඒත් එක දවසක් ඌම වට සාකච්ඡාවන් දාගෙන පුස්තකාලේ ඉද්දි කෙල්ලොයි කොල්ලොයි වට කරගෙන මම කියන දේවල් ඒ විදිහට ම කිව්වේ රහ කර කර
මහ නක්කල් හිනාවක් දදා.
එදා තමයි මට දෙයියෝ බුදුන් සිහි වුනේ මොකද මම බාප්පා මට කරදර කරන්න ආපු එක කාටවත් නොකියා හිතේ තියන් ඉදිය එකම කොච්චර හොදද කියලා.

නිදුක් Where stories live. Discover now