After 2 Months~
දන්නවද.. මාස දෙකකට පස්සේ හැමදේම වෙනස් වෙලා තිබුණා.. නෙලීශගේ පැත්තෙන් වගේම මගේ පැත්තෙනුත්.. නෙලීශ ටිකෙන් ටික මට ලං වෙන්න බලද්දි මං කලේ මගේ පැත්තෙන් නෙලීශව ටිකෙන් ටික අයින් කරපු එක.. ඔවු, ඒක සාර්ථක උනා.. මන් දැන් එයාව මගේ හිතෙන් මකලම දැම්මා.. හැබැයි, පැන්සලකින් ඇන්ද දෙයක් උනත් මකපුවම ලාවට හරි චායාවක් ඉතිරි වෙනවනේ !!
මන් ක්ලාස් යන එක පවා ටිකෙන් ටික අඩු කලා.. හ්ම්ම්.. මන් නොගිය දවස් වලට එයා බලන් ඉන්නවලු.. කම්මැලි ඇති බයිට් එකට ගන්න කෙනෙක් නැතුව.. කොච්චර කරත් මන් කොල්ලෙක්.. ඒක මන් තේරුම් ගන්න ඕනේ.. කොල්ලෙක්, කෙල්ලෙක්ගෙන් හොයන දේ කොල්ලෙක් වෙච්ච මට දෙන්න බෑනේ.. හැමදේම තේරුම් ගත්තු මම ටිකෙන් ටික හැමදේම හෙමින් වෙනස් කරන්න ගත්තා..
එයා වෙනුවෙන්ම වෙන් කරපු ෆෝල්ඩර් එකත් මන් මකලා දැම්මා..
"❤️" හාර්ට් එකක් විතරයි තිබ්බේ.. මොකද නමක් දාන්නවත් එයාගෙන් අයිතියක් ලැබිලා නෑ මට.. හොරෙන් ගත්ත ෆෝටෝස්, එයාගේ සෙල්ෆී, එයා කරපු ෆොටෝග්රැෆී.. දන්නවද, එයා හරි දක්ශයි ෆොටෝග්රැෆි වලට.. මන් හිතන්නේ කම්පිටිශන් එකකට ගිහින් සෙකන්ඩ් ප්ලේස් එකත් ගත්තා.. මන් හිතන්නේ නෙලීශටත් වඩා සතුටු උනේ මමද කොහෙද.. ඒ උනාට ඒ තරමටම එයාට සුභ පතාගන්න බැරුව මන් අසරණ උනා.. හ්ම්ම්.. ඒ හැමදේම මතකයන් විතරයි !!
ෆෝල්ඩර් එකම මකලා දැම්මා වගේ මේ කාලකණ්ණි මතකෙත් මකලා දාන්න පුළුවන්නම්.. දෙයියනේ කියලා මට සතුටෙන් ඉන්න තිබ්බා.. මොනවා කරන්නද.. කරුමේ කියන්නේ මේකට වෙන්න ඇති..
හැමදේටම තිත තියන්න කාලේ මේක !!මෙච්චර කල් තිත් පේළි වලින්, කොමා වලින් මේ කතාව ගැටගහගෙන ගිහින් මට හරි මහන්සී.. ඉස්සර එයා එනකන් මන් බලාගෙන ඉදපු තැන ඉදන්, එයා දැන් මන් එනකන් බලන් ඉන්න තැනට වෙනකන් හැමදේම වෙනස් වෙලා.. කොච්චර කරත් දෙයක් නැතිවෙන්නම ඕනිලු අගේ දැනෙන්න.. ඒත්, බිදුණු පෝසිලේන් පෝච්චියක් ආයෙත් ඇලෙව්වට ඉරිතැලුණු පාර ඉතුරු වෙනවාමයි.. අන්න ඒ වගේම බාල පෝසිලේන් බඩුවක් තමයි හදවත කියන්නෙත්.. හ්ම්ම් !!
YOU ARE READING
දෑසේ දුරින්~ ||TK||✔
No Ficción❝කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා.. අවසර නැතී.. මේ සෙනේ.. නිවාරමී මා මෙදා.. දෑසේ දුරින් යාවී මෙදා !!❞ -ස්නේහ දනුද්දර එදිරිසිංහ-