තෙවන කොටස.

709 107 5
                                    

හෙමි හෙමීට සතියක් ගෙවිලා ගියා.. ස්කෝලෙට ගාටලම මට මහන්සී අප්පා.. පුංචි හිතට මෙව්වා බර වැඩි නැත්ත.. ඈ.. නෑ මන් අහන්නේ ඉතින්.. ම්හ්..ක්..

අද සෙනසුරාදා.. ක්ලාස් ගාටන්නෙපැයි ඉතින්.. ම්හ්ක්.. ක්ලාස් යන්න බෑ කිව්ව නිසා අම්මා මට ගැහුවා.. අනේ.. මන් හරි පවු නේත.. මරන්න අරන් යනවා වගෙ අම්මා මාව 7:10 බස් එකට නැග්ගුවා.. චූටි පුතා නැති උනාම තේරෙයි අම්මේ හරෙත.. තැලිලා පොඩිවෙලා චප්ප වෙලා කොහොම හරි හෝල්ට් එකෙන් බැහැගත්ත මම විශාකා වගේ හරී හෙමීට ඇවිදගෙන Institution එක ලගට ආවා..

ආ... අර ඉන්නේ.. ම්හුක්.. මගෙ මිහියා..

මිහින්ස විද්වාන් බණ්ඩාර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිහින්ස විද්වාන් බණ්ඩාර.. මගෙයි බොක්ක.. කිව්වට මොකත, ඕකත් නෙලීශ වගේම පැණි කුරුල්ලා..

"මිහින්ස ලොකු වැඩක් වගෙයි.."

මිනිහා ලගට ගිය මන් ඌව හෙමීට කූරු ගෑවා.. පෞ අප්පා.. අහින්සක දරුවෙක්..

"ඔවු.. උඹට දෙන්න ළමයෙක් හදන ගමන්.."

ඒ විතරක්.. ම්හ්..ක්.. අහින්සක මටමනේ මේ නෝක්කාඩු සේරම..

"හොදක් වෙයිත ඉතින්.. පොල් කාවයියා.."

උගෙ බඩටත් එකක් ඇන්න මන් එතනම බිත්තියකට හේත්තු උනා.. ඇන්ටි නෑ අප්පා තාම.. මෙලාකට දිය නානවා ඇති සොභනා.. හුහ්..

ටිකවෙලාවක් ගියා.. පොඩි හිච්චොන්ගෙම්, ලොකු ඇච්චොන්ගෙන් එතන පිරිලා ගියා.. ඒ මට කරදරේ..

ටික වෙලාවක් යද්දි ඇන්ටි එනවා දෙපැත්තට පැද්දි පැද්දි ඉතින් institution එක ලග තියන අටපෙතියා මල් පැල මැදින් කහපාටම ගවුමක් ඇදගෙන.. මන් කිව්වේ, නාලා උදේපාන්දර.. ම්හ්හ්ක්..

දෑසේ දුරින්~ ||TK||✔Where stories live. Discover now